(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
තම සැමියා රැකියාවක් සොයා ගැනීම සදහා ගිය අතරතුර දී බිරිය තම නම මස් බිළිදාට විෂ ද්‍රව්‍යක් පොවා මරා දමා නිවසින් පැන යාමේ පුවතක් මාලිම්බඩ පොලීසියෙන් වාර්තා වෙයි.
එසේ මරුමුවට පත්ව ඇත්තේ තෙලිජ්ජවිල ඇල්ගිරිය කන්දහේනේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ පසිදු ප්‍රභාත් (09) නැමැති බිලිදෙකි.
එම බිළිදා හා අවුරුදු තුනක් වයසැති දරුවා නිවස තුළ අඩන ශබ්දය අසල්වැසි නිවසේ පදිංචි ලොකු අම්මාට ඇසී පැමිණ බලන විට මෙම අපරාධය පිළිබඳව තොරතුරු හෙලි වී ඇත.
ඒ වන විටත් කෙදිරිගාමින් සිටි නව මස් බිලිදා ඉතා ඉක්මණින් ත්‍රීරෝද රථයක් ගෙන්වා අකුරැස්ස රජයේ රෝහල වෙත රැගෙන යාමට ඇය කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් රෝහල් ගත කරන විටත් එම බිලිදා මිය ගොස් සිටි බව වෛද්‍යවරු තහවුරු කළහ.
කිසියම් විෂ සහිත යමක් පොවා එම දරුවා ඝාතනය කර මව පැන යන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
ඇය විසින් ලියා තබන ලද ලිපියක් ද පොලීසිය සොයා ගෙන ඇත.එහි සඳහන්ව ඇත්තේ වැඩිමල් දරුවාට තමා ආදරය කරන බවත් මේ කළ දෙයට සමාවක් නොදෙන ලෙසත්ය.
22 හැවිරිදි සැකකාර මව සැක පිට අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මිය ගිය බීළිදාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.
මහේස්ත්‍රාත් නියෝගයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට නිශ්චිත හේතුව සොයා ගන්නා බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟාකාලා හරි දරුවා හදාගන්න තිබුණේ... දරුවන් පලි නෑ මේවාට. දරුවන් නැතුව දුක් විඳින අය කීයක් ඉන්නවද ලංකාවේ...?