IMG-LOGO

මාස දෙකකට පසු තායි වැසියෝ පන්සල් යති

මාස දෙකකට ආසන්න කාලයකට පසු තායි වැසියෝ අද (2) වෙහෙර විහාරස්ථාන වැඳ පුදාගැනීම සඳහා එම ස්ථානවලට ගියහ.
බෞද්ධ රටක් ලෙස පිළිගැනෙන තායිලන්තයේ ද කොරෝනා වයිරස ව්‍යාප්ත වී ගිය අතර ඒ හේතුවෙන් ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථාන වසා දැමිණි.

තායිලන්තය ද ලොව බොහෝ රටවල් මෙන් ‘ලොක්ඩවුන්’ සීමා පැනවූ අතර එරටින් අද (2) පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 3,083ක් විය.

විහාරස්ථානවලට ඇතුළුවීමට පෙර එම ස්ථානවලට පැමිණෙන සියලු දෙනාගේ උණ පරීක්ෂා කරන අතර මුඛ ආවරණ පැළැඳීම අනාවර්ය වේ.

පසුගිය සතියක කාලයේදී සමාජය තුළින් ආසාදිතයන් වාර්තා නොවීමත් සමඟ තායිලන්තය මේ වනවිට ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

තායිලන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 58කි.

අල්ජසීරා
055

 



අදහස් (7)

මාස දෙකකට පසු තායි වැසියෝ පන්සල් යති

බද්රානි Tuesday, 02 June 2020 02:10 PM

අනේ, අපිට නම් ඕවලින් වැඩක් නැහැ. අපිට ඕනා මැරීගෙන හරි චන්දෙ දාන්න යන්න. ඔය විහාරස්ථාන වල කියන බන වලට වඩා අපිට අපේ අධිකරණය කියන දේ විශ්වාසයි. අනික පෝයට පන්සල් ගියාම කොරෝනා බෝ වුණාට, චන්ද මධ්‍යස්ථානයකදී කවදාවත් ලෙඩ බෝවෙන්නේ නැහැ. අතින් වියදම් කරගෙන පොසොන් පෝයට පන්සල් යනවට වඩා ගානක් අතට අරගෙන චන්ද මධ්‍යස්ථානයට යන එක මොනතරම් වාසිදායකද? මැරිලා නිවන් යනවට වඩා, හොඳයි ජීවත් වෙලා ඉද්දි පාලකයින් කාල ඇඳලා සතුටින් සිටිනවා නරඹන එක. ඒ පිනම ඇති නිවන් යන්න? හා නැද්ද?

:       477       210

vidya Tuesday, 02 June 2020 04:12 PM

ඔබසැමට තෙරුවන් සරණ සහ පිහිට ලැබී සතුටෙන් සාමයෙන් ජීවත් වීමට ලබේවා.

:       0       144

amila Tuesday, 02 June 2020 05:37 PM

බෞද්ධ රටක් ලෙස නොවේ... තායිලන්තය කලින්ම බෞද්ධ රටක් 94.50% ඉන්නේ බෞද්ධ අය ලංකාවේ ඉන්නේ 70.2% යි.

:       0       164

සිරිබිරිස්Wednesday, 03 June 2020 12:05 AM

අපේ රටේ හාමුදුරුවන් දේශපාලනයේ යෙදෙන අතර සමහර අය ආයුධ ළග තබාගෙන ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වෙනවා.ඉතින් අපි මියගොස් නැවතත් උපතක් ලබන අවස්ථාවක් වෙතොත් එවිට මෙරට බුදු දහම නොතිබෙන්නට හෝ සම්පූර්ණයෙන්ම විකෘතිව තිබෙන්නට පුළුවන් යැයි සිතෙනවා. එම නිසා මටත් හිතෙනවා නැවත උපතක් ලැබුනොත් තායිලන්තයේ ඉපදීම සුදුසුයි කියලා.

:       0       2

තොපිට මොකක් උනාම මොකෝ Wednesday, 03 June 2020 03:19 AM

අනේ අපිටනම් අවුලක් නැහැ අපිනම් කැමති වෙලාවට කැමති පන්සලකට ගිහින් හිසතෙල් ග ගත්තා, බෝධි පුජා තිබ්බා, පිරිත් පින්කම් තිබ්බා, හෙලිකොප්ටරෙන්ම ගිහින් කප්රුක් පුජා තිබ්බා. ඒවගේම කැමති වෙලාවක අවශ්‍ය ලෙසටම PCR පරීක්ෂණත් කරගත්තා.

:       1       12

Gamage Wednesday, 03 June 2020 03:39 AM

ඒකට අපේ රටේ පන්සල් පල්ලි කෝවිල් කතෝලික දේවස්ථාන වහලා. ඒ වුනාට බාර් ඇරලා. දේශපාලකයන්ගේ අවමගුල්වලට දහස් ගණනක් සහභාගී වෙනවා . හැමදේම ඇරලා ආගමික ස්ථාන වහලා ඒ ගොල්ලෝ විතරක් ගිහිල්ලා වැද පුදාගන්නවා. බලාපොරොත්තු වුනේ මෙය නම් නෙවෙයි. අනේ මගේ රටට ගිය කලක්....

:       11       6

ලසන්තThursday, 04 June 2020 01:32 AM

ගමගේ හරි... ඒ නිසානේ රටේ මිනිස්සු කියන්නේ තොණ්ඩමාන්ට පහයි, බණ්ඩට (අපිට) එකයි කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 128 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site