IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මාස දෙකේ සිඟිත්තෙක් මහා පාරේ දමා ගිහින්

(එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ මහ පාර අයිනේ දමා ගිය කුඩා බිළිදකු අද උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ සොයා ගනු ලැබූවේ මාස දෙකක් පමණ වයැසැති පිරිමි දරුවකු බව ද පොලීසිය කියයි.

අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාට ලබා දුන් තොරතුරකට අනුව මහ පාර අයිනේ හඬමින් සිටි කිරිකැටියා වහා රෝහල් ගතකර ඇත.

අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි රේණුකා මහත්මිය ඇතුලු පොලිස් කාන්තාවන් පිරිසක් මෙම සිඟිත්තා බළපිටිය රෝහලට රැගෙන ගියාය.

සිගිත්තාගේ සෞඛ්‍ය තත්වය ඉතාම යහපත් බව බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් කීවේය.

 



අදහස් (2)

මාස දෙකේ සිඟිත්තෙක් මහා පාරේ දමා ගිහින්

ගුණරත්න Monday, 10 March 2025 04:02 PM

පවු දුප්පත් පොඩි එකා, අපිට වත්කමක් නැහැ තව කෙනෙක් හදන්න, එහෙම පුළුවන් මහත්මයෙක් ඉන්නවා නම් මැදිහත් වෙලා හදාගෙන හොඳ ජීවිතයක් උරුම කරදෙන්න. ඔබට සුබ අනාගතයක් වේවා පුතේ...

:       0       12

jayalath pandurage Monday, 10 March 2025 11:22 PM

දැන් දරුවා දාලා ගියා... දැන් හොයන්නේ නැතිව දරුවාව හදාගන්න පුළුවන් කෙනෙක්ව බලලා දෙන්න. අද වෙනකන් තියන ආණ්ඩුවල හොරකම්, ජඩකම් නිසයි දුප්පත් මිනිස්සු දරුවන් දාලා යන්නේ... මාරාන්තිකව එහෙම කරන එක පිනක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2443 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site