(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වැඩිහිටි දීමනාව මාස තුනකින් ලබාදී නැතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමෘද්ධි බැංකු වලින් එම දීමනාව ලබා දීමට නියමිතව ඇතත් මාස තුනක් තිස්සේ එය ලැබී නැති බව කී විමල් වීරවංශ මහතා අසරණ වැඩිහිටියන්ට ලැබෙන එම සොච්චම් දීමනාවත් මේ අර්බුදය ඇතුළේ වටිනා දෙයක් බව ද සඳහන් කළේය.
වැඩිහිටි දීමනාව නිසියාකාරයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙසද විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිහිටි දීමනාව පමණක් නොවේ විමල්. ඔයාට අමතකද එදා 2019 මැතිවරණ වේදිකාවලදී ඔයා කට පාඩමට නොනවත්වා කියාගන කියාගන ගිය ලැයිස්තුවත් තවම ලැබිලා නැහැ. ගොවීන්ට නොමිලේ පොහොර, ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල එහෙම දීර්ඝ ලැයිස්තුවක්. මේ ගැනත් ඔයාගේ අවධානය යොමු කරන්න.
වැඩිහිටියන්ව හදිසියේ මතක්වෙලා කිඹුල් කඳුළු හෙලන්නේ මොකද?