(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
රජය මේ වසරේ මුල් මාස අටේදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළඳපොළෙන් රුපියල් කෝටි පන් ලක්ෂ හැට තුන් දහස් හාරසීයක පමණ ණය ලබාගෙන ඇතැයි අලුත්ම වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය.
භාණ්ඩාගාර බිල්පත්වලින් කෝටි හාර ලක්ෂ හැත්තෑ නව දහස් නව සීයක් සහ බැඳුම්කර වෙළඳපොළෙන් කෝටි අසූ පන් දහස් පන්සීයක් වශයෙන් මෙසේ ණය ලබාගෙන ඇතැයිද ඔහු කීවේය.
මෙම ගත් ණය සඳහා පොලිය වශයෙන් රුපියල් කෝටි 46000 ක් ගෙවීමට සිදුවන බව පැවසූ මහාචාර්යවරයා මෙම වසරේ අගෝස්තු මාසයේදී පමණක් දේශීය වෙළඳපොළෙන් එක් ලක්ෂ දෙදහසක් ණය ලබාගෙන ඇතැයිද අතුකෝරල මහතා පැවසීය.
මේ අතර අගෝස්තු මස අවසාන සතියේදී පමණක් කෝටි 35000ක ණය ලබාගෙන ඇතැයිද ඔහු කීවේය.
මේ වසරේ මුල් මාස හතේදී බිල්පත් ආදායම් නොලැබීම,රජයේ වියදම් වර්ධනයවීම සහ දිගින් දිගටම දේශීය කෙටි කාලීන ණය කල්පිරීම යන කාරණා හේතුවෙන් දේශීය වෙළඳපොළෙන් රජයට මෙසේ ණය ලබා ගැනීමට සිදුව ඇතැයි මහාචාර්යවරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතේ දරු පරපුරට තමා මේ පව් ගෙවන්න වෙන්නේ . සිංගප්පුරුව වැනි බුද්ධිමත් නායකයෝ ඉන්න වෙන රටවල්වල දරුවන්ගේ ගිණුම් වලට මුදල් තැන්පත්කරනවා දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් .
රටේ තියෙන වටිනා සම්පත් විකුනනවා, පිට රටට නය වෙනවා, දෙසිය නය කෙළවරක් නෙතුව ගන්නවා. මේ වහේ කාපලු යුගයක් පෙර දැකල නැහැ
මේ විදියට.ණයට අරගෙන ඕන කෙනෙකුට රටක් ගෙනයන්න පුළුවන්.අනේ මන්දා අපේ ශ්‍රීලංකාවට උනදේ .කවදා මේවායෙන් ගොඩ එන්නද ?
රජයෙ වියදම වලින් 90% පමන වැය වෙන්නෙ රජ්ය සේවකයන්ට වැටුප් සහ දීමන ගෙවන්න , රජ්ය සේවය ප්‍රතිවියුහකරගට්තෙ නොමැති නම් තව අවුරැද්දක් හෝ දෙකක් තුල විශාල අර් බුදයකට මුහුන දෙන්න වෙනව
කිසිම දැක්මක් නැති අය පත්කරගත්තාම ඔහොම තමයි.
කොරෝනා ආධාර, නියන් ආධාර, වැසි ආධාර, ගංවතුර ආධාර මේ ඔක්කෝම ගෙවන්න ගියාම ණයට සල්ලි ගන්න වෙනවා. බය වෙන්න එපා අනුර කුමාර... මෙරට මොන පුරයක්ද කරනවා කියනවා...
කුලරත්න, මෙයාගේ සංඛ්‍යා ලේඛන ගැන විශ්වාස කරන්න බැහැ. මාසෙකට විතර කලින් සංඛ්‍යා ලේඛනයක් ගෙනාවා... ආරක්ෂක හමුදාවන්ට රාජ්‍ය සේවක වැටුපෙන් 49% ක් වැයවෙනවා කියලා, හැබැයි ඒක හදලා තියෙන්නේ පළාත් රාජ්‍ය සේවය අමතක කරලා, ඒකත් එක්ක ඔය අගය 33%කට අඩුයි. දේශපාලන ගැතිකම නිසා උගත්කම පාවා දෙන්නෙක්..!