(ජනුර් කිචිලාන්)

නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ පැවති ඩොනල්ඞ් මුණසිංහ බොක්සිං සමස්ත ලාංකා තරගාවලියේ දී මාවතගම වටරැක මහා විද්‍යාලයේ කාන්තා බොක්සිං ක‍්‍රිීඩිකාවෝ රන් පදක්කම් 3 ක් රිදී පදක්කම් 1 ක් සහ ලෝකඩ 2 ක් දිනා ගැනීමට සමත් වූහ .

සමස්ත තරගාවලියේ අනුශූරතාවයත්, සමස්ත තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස විහඟි මෙනායා ක‍්‍රීඩිකාවත් කුසලාන හිමිකර ගැනීම පාසල ලැබූ සුවිශේෂී ජයග‍්‍රහනයක් වන අතර ක‍්‍රීඩා උපකරණ පහසුකම් කිසිවක් නොමැතිව මේ ආකාරයෙන් ජයග‍්‍රහනය අත්පත් කර ගැනීමට කටයුතු කළ ක‍්‍රීඩාභාර ආචාරීනි එච්. ඒ. එන් වීරසිංහ මහත්මියට සිය ස්තුතිය පල කරන බව විදුහල්පතිනි එස්. එච්. එස්. ශ‍්‍රීයාරත්න මහත්මිය පැවසුවාය.