(පුෂ්පකුමාර ජයරත්න )
මාවතගම පොලිස් බළ ප්‍රදේශයට අයත් පිලැස්ස ප්‍රදේශයේ තරුණ දෙපිරිසක් අතර ඊයේ (11) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මරණයට පත්ව තිදෙනෙකු තුවාල ලැබ ඇතැයි පොලීසිය කියයි.
ඒම සිද්ධියෙන් පසු එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇත.
දෙපිරිස අතර ඇතිවූ ගැටුමේදී බරපතළ කැපුම් තුවාල ලැබූ පිලැස්ස මාස් කොළණියේ පදිංචිව සිටි රංජිත් නමැති 28 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.
ගැටුමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.
මරණයට පත් පුද්ගලයා සහ ප්‍රදේශයේ තවත් පිරිසක් අතර පසුගිය දිනක ගැටුමක් ඇති වීමේ සිද්ධියකින් පසුව ඔහුට හිතවත් පිරිසක්ද මෙම ගැටුමට මැදිහත් වී ඇති බවද ගැටුම දුරදිග යාමෙන් පසුව මෙම මරණය සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd