
(ලක්මි කුඩලිගම)
පෞද්ගලික උපකාරක පංතියකට ගොස් මව සමග නිවෙස බලා යමින් සිටි සිසුවියක ඇගේ පෙම්වතා බව කියන තරුණයකු මවට පහරදී සිසුවිය පැහැරගත් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මතුගම පොලිසිය පවසයි.
සිසුවිය හොරණ ප්රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවත්, ඇය සමග මතුගම ප්රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට ගොස් එමින් සිටීයදී තවත් පුද්ගලයකු සමග ත්රිරෝද රථයකින් පැමිණි සැකකරු දියණියගේ අතින් ඇද ත්රීරෝද රථයට නංවාගෙන ගිය බව මව පොලිසිය කියා ඇත
එම අවස්ථාවේ පැමිණිලිකාරිය ද ත්රිරෝද රථයට නැගීමට උත්සාහ දරා ඇති අතර , සැකකරු ඇයට පා පහරක් එල්ලකර පලාගොස් ඇති බව ද ඇය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්වන බව පොලිසිය කියයි.
සැකකරු සහ පැහැරගැනීමට යොදාගත් ත්රීරෝද රථයද හදුනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලෝකය හැදිලා තියෙන්නෙ මව් කිරෙන් සහ හිරු එළියෙන් කියලි ගොර්කි කිව්වේ . මවට පයින් ගහපු තිරිසනා දුවව රකියිද ? මොවුන්ට දඬුවම් නොදී මේ රට හදන්න බෑ.
මේ ආරංචියේ හැටියට නම් කෙල්ල පැනලා යන්න සැලසුම් කළා වගේ. ඇය සමහර විට මම ඇගේ පෙම්වතාට වේලාව ගැන පණිවිඩයක් එවිය හැකිය
මේ අම්මා මොකටද ත්රීවීල් එකට නගින්න ගියේ... කෙල්ල විතරනේ පැහැරගෙන යන්න ඇවිත් තියෙන්නේ... මේ දෙන්නා කතාවෙලා හිටියාද දන්නේ නෑ පැනලා යන්න. බලාපොරොත්තු නැති විදියට අම්මා මෙතැනට සෙට් වෙන්න ඇති... අම්මට පා පහරක් ගහපු එකෙන්ම තේරෙනවා බැණාගේ හැදියාව. ඊ ළඟ පහර කෙල්ලට වදින්නේ අම්මාගෙන් බීපු කිරි මතක් වෙන්න. එතකොට එන්නෙත් අම්මා හොයාගෙන. පුදුම ලෝකයක් මේක අප්පේ...