(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මවක් සිය මාස තුනක් වයස දියණිය සමග කටාරම්පුර ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක ළිඳක වැටී සිටියදී ගොඩට ගෙන දෙදෙනාම ගලෙන්බිදුනුවැව රෝහලට ඇතුළත් කිරීමේදී ගැහැනු දරුවා මියගොස් ඇතැයි කොකාවැව පොලීසිය කියයි.
ළිදට වැටී සිටියදී ගොඩට ගත් මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
තම මව සහ පියා පදිංචිව නිවසට නුදුරින් පිහිටි ගෙවත්තේ ඇති ළඳ ළඟට ගොස්දරුවාට කිරි දෙන අවස්ථාවේ දරුවා ළිඳට ඇද වැටුණු බව මව පවසන්නේ යැයි පොලීසිය කියයි.
දරුවා ළිඳට වැටුණු නිසා දරුවා බේරා ගැනීමට තමාද ළිදට පැන්න බව මෙම මව වැඩිදුරටත් පොලීසියට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුත්තිලයේ තියෙන නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා... මතක් වුණා අපේ හාමුදුරුවනේ... මේ ඇත්තමයි කියන්නේ..!