IMG-LOGO

මව, දින පහේ සිඟිතිය යෙහෙළියට දී මාරුවෙලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දින 5ක් වයසැති බිළිඳිය, ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ දී හොඳම යෙහෙළිය රවටා ඇයට බාර දී පලා ගොස් ඇතැයි ගලේවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.

හෝටල් කාමරය තුළ දී බිලිඳියට  මවුකිරි දී හදිසි ගමනක් ගොස් එන තෙක් දරුවා හොඳින් බලා ගැනීමට යැයි කියා යෙහෙළිය පිටත්ව ගිය බවත් සවස් වන තෙක් නොපැමිණි බවත් කියමින් විසිතුන් හැවිරිදි තරුණියක සිඟිති දරුවා වඩාගෙන ගලේවෙල පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළාය.

පුත්තලම මූලික රෝහලේ දී තම යෙහෙළිය දරුවකු ප්‍රසූත කළ බවත් ඇය ද, ඇය ප්‍රසූත කළ දරුවා ද කැටුව ඉකුත් 4 වැනිදා ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණ කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන සිටි බවත් බිලිඳිය රැගෙන පොලීසියට පැමිණි විසිතුන් හැවිරිදි තරුණිය පවසන්නේ යැයි පොලීසිය කියයි.

බිලිඳිය හොඳම යෙහෙළිය රවටා ඇයට භාර දී පලා ගිය කාන්තාව වැලිමඩ, මොරගොල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියකි.

පොලිසිය භාරයට ගත් දින 5ක් වයසැති බිලිඳිය දඹුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන ලදැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

බිලිඳිය රැගෙන පොලීසියට පැමිණි විසිතුන් හැවිරිදි තරුණිය ද ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

ගලේවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහ නිලධාරිනියන් කණ්ඩායමක් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යයි.

 

 

 



අදහස් (0)

මව, දින පහේ සිඟිතිය යෙහෙළියට දී මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 332 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 503 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site