(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුදල් ඉල්ලා  ආරවුල් ඇති කරගැනීම සම්බන්ධයෙන් කෝප වූ සහෝදරයා සිය වැඩිමල් සහෝදරයාට පිහියෙන් ඇන  ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව  පොලිසියකියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරලැස්ගමුව  ලියනගේ පාර පදිංචිව සිටි බොහොමඩ් පයිස් මොහොමඩ් ෆශිල් 26 පරිගණක ක්‍රියාකරුවකි.

ඝාතනය සම්බන්ධයෙන්  මියගිය පුද්ගලයාගේ 23 හැවිරිදි  සහෝදරයා  ඊයේ(06)  රාත්‍රීයේම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

ඝාතනයට ලක් වූ පුද්ගලයා දින කීපයක සිට  නිවසේ පදිංචි මවගෙන් පියාගෙන් සහ මිත්තනියගෙන් මුදල් ඉල්ලා ආරවුල් ඇති කරගෙන ඇති අතර 06 දින රාත්‍රී එය දුර දුර දිගේ යාමෙන් කෝපයට පත් වූ බවත් එම කෝපය ඉවසා ගත නොහැකි නිසා සිය සහෝදරයාට පිහියෙන් ඇන්න බවත්  සැකකරු පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව ප්‍රකාශ කර ඇත.