(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකිකයන් සංචාරක වීසා හරහා මැලේසියාවේ රැකියා සඳහා යැවීමේ ජාවාරමට ආධාර අනුබල දීමේ චෝචනාවට කාන්තාවක් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
අධිකරණය අදාල කාන්තාව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහැරි විදේශ ගමන් තහනමක් ද පැනවූ බවත් මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශයේ විමර්ශන ඒකකය කටයුතු කරමින් සිටින බවත් එම කාර්යංශය සඳහන් කරයි.
සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා පිටත්කර හැරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කී එම කාර්යංශය ගුවන්තොටුපොල ඒකකය සහ විශේෂ විමර්ශන ඒකකය එක්ව මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා වන මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd