(ගයාන් සූරියආරච්චි සහ තිලකරත්න දිසානායක)
මල්වතුහිරිපිටිය ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී හිමි නමක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයකු ඊයේ (10) හම්බේගමුව අලුත්වැව හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හම්බේගමුව පොලිසිය පවසයි.
මෙසේ අත්අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27 ක අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට බාරදීමට නියමිතව තිබුණි.
මොනරාගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් මත හම්බේගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd