(පුෂ්පකුමාර මල්ලවආරච්චි,ගයාන් සූරියආරච්චි සහ තිලකරත්න දිසානායක)
ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.
අත්තනගල්ල පොලිස් වසමේ ඌරාපොළ, රුවන්වැල්ල පාර, ලිහිණියාගොල්ල ඇළ අසලදී පොලිස් වෙඩි පහරින් මෙසේ මියගොස් ඇත්තේ පෙරදොරපේ කල්හාර දිල්ෂාන් නැමති අංක 32, කුඩාපොකුණ, කාෂ්‍යපපුර, අරලගංවිල පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.
මෙම සැකකරු ඉකුත් .10 දින හම්බේගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබිණි .
අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විශේෂ පරීක්ෂණයක් සඳහා සැකකරු ඌරාපොල ලිහිණියගොල්ල ඇළ ප්‍රදේශය වෙත වෙත රැගෙන ආ අවස්ථාවේ පොලිස් නිලධාරීන් හට පහරදී පළායාමට උත්සාහ දරා ඇතැයි ද සැකකරු පලායාමට ගත් උත්සාහය ව්‍යාර්ථ කිරීම සඳහා සිදු කළ වෙඩි තැබීමෙන් සැකකරු මරණයට පත්වී ඇතැයි ද මූලික පොලිස් විමර්ශන වලදී හෙළි වී ඇත.
අත්අඩංගුවෙන් පලායාමට උත්සාහ ගත් සැකකරුගේ පහරකෑමට ලක්වූ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරියක ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙන්නකෝන්ගේ තිරපිටපතක්!
මෙහෙම අයට ඉතින් නඩුව අහ අහා කල් අරින්නේ නැතිව මෙහෙම දඬුවම් දෙන එක හොඳයි...
නීතිය අතටගත් සිරි ලංකා පොලීසිය..!
ඒ කියන්නේ හාමුදුරුවන්ව මරලා තියෙන්නේ ලොකු තැනක කෙනෙක්...
ගුඩ් නිවුස් !
හැමදාම එකම කතාව කියන්න එපා අනේ. එපා වෙනවා. ටිකක් වෙනස් කරලා කියන්නකෝ...!
අපරාධ කරුට ඔය පව් පළදෙන්න ගත්තා විතරයි. දැන් නිරයේ ඇති.
හිතේ දුකක් නැහැ...
ඒවගේ අපරාධකාරීන් මාරුවට කමක් නැහැ .උන්ට කන්න බොන්න දිදී තියාගෙන ඉන්න ගියහමත් වදයක්නෙ .ඒක හින්දා මොන ක්‍රමයට හරි එලෝ ඇරිය එක හොඳයි .ආයුධ පෙන්නන්න ගිහිල්ලා වගේ .ඒකට කමක් නෑ
මේ රටක අපරාද අඩුවෙන්න අපරාද කරුවන්ට කිරි පොව පොවා බැහැ. මතකනේ ප්‍රභාකරන්ට 30 අරුදක් කිරි පෙව්වා. විජවීර ටත් එහෙම. අපරාද කරුන්ගේ බෂවෙන්ම ඔඋන්ට උත්තර දෙන්න ඕනි. මේ රටේ අරුරුදු 2ක් එල්ලලා මරණ එක ක්‍රියාත්මක කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන්වත් ඕක තේරුම් ගනිල්ලා.
අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්නාහුය.
සම හරක්ට හිතෙන ඒවා අදාල නැහැ, රටක් යයි පිලිගන්න අවශ්‍ය පොදු සාධක කිහිපයක් තියෙනවා, එයින් එකක් තමයි අනන්‍යවු නීති පද්ධතියක් තිබීම. දැන් මේ බිම් කඩේ එහෙම නොවෙයි, පුළුවන් එකාට එක නීතියක් නැතිබැරි එකාට වෙනම නීතියක්, යාලු මිත්‍රයින් ට එක නීතියක් හතුරන්ට තව නීතියක් ක්‍රියාත්මක වෙන අමන රටක් වෙලා ඒවට ආවඩන දුර්ජන යන්ගේ ඔජ වැඩිම්ද බලාගෙන ඉන්න වෙලා.
එකම පිටපත බලන්න එපා වෙනවා.තාම නැනේ හරියට කතාවක් ගොතාගන්න එකෙක්.
මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර අපරාධ විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් ආදී අපරාධ පිටුපස සමහර දේශපාලකයන් ඉන්නවා. ඔවුන්ට නොයෙකුත් අකාරයෙන් මෙලෙස කොටුවන අපරාධ කරුවන් සමග සබදතා තියෙනවා. මේ වෙඩික්කරුවන්, මාකඳුරේ මදුෂ් වගේ අය මේ විදියට මැරෙනකොට ඔවුන් සතු බොහෝ රහස් සැඟවිලා යනවා. අර දේශපාලකයෝ සුදු පිරුවට පොරවාගෙන සමාජය රවටමින් වජබෙනවා. අනික රටක යුද්දයක් තිබිලා නිම වෙනකොට සේවයෙන් ඉවත්වන හමුදා සාමාජිකයන් කරන්නේ කුමක්ද කියල මේ රටේ සොයා බැලීමක් වෙනවද? මේ පුද්ගලයා හිටපු කොමාන්ඩෝ සෙබලෙක්ලු. ඔවුන්ට මේ වගේ කුලියට මිනි මරණ අලුගෝසුවන් වෙන එක වලක්වලා රටට ඉදිරියට වැඩදායි පුරවැසියන් බවට පත් කිරීමට පාලකයන් වැඩ කලාද? ඔවුන් කලේ යුද්දයේ වීරත්වය තමන්ට ආරෝපණය කරගෙන දේසපාලන වාසි ගන්න ඒක නොවේද?