(දයාරත්න ඇඹෝගම)
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට ගෙන තිබේ.
මල්වතුඔය, ගල්කඩවල පදිංචි පුද්ගලයෙකු මෙම ස්ථායට මසුන් ඇල්ලිමට ගිය පුද්ගලයෙකුට වතුර සිදිගිය මඩ ගොහරැවක තිබු මෙම පතරම් සහිත මැගසින් හතර හමුව තිබුණි.
පසුව ඔහු විසින් ගල්කඩවල නාවික හමුදා කදවුරේ නිලධාරින්ට මේ බව දන්වා තිබු අතර පසුව එම පතුරම් තොගය නාවික හමුදා නිලධාරින් විසින් පොලිසියට බාරදි ඇත.
මෙම පතුරම් තොගය මෙම ස්ථානයට දමන ලද පුද්ගලයෙකු පිළිබදව මෙතෙක් තොරතුරක් අනාවරණයවි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි