
(ඉන්දිකා රාමනායක)
කුඹුරු ආරවුලක් මුල්කරගෙන සිය බාල සහෝදරයාට හසලක දිවුලපැලැස්ස ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී ඝාතනය කළ සැකකරු, හසලක පොලිස් නිළ සුනඛ අංශයෙ ෂැගී විසින් ඉව ඇල්ලීමෙන් අත්අඩංගුවට ගත් බව දිවුලපැලැස්ස පොලිසිය පවසය.
ඝාතනයට ලක් ව ඇත්තේ හෙබරව පදිංචි (44) හැවිදිරි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා ඉකුත් (4) දින ගවයින් දක්කාගෙන වැව්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් යළි නිවසට පැමිණ නොමැති අතර, බිරිඳ විසින් මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් දිවුලපැලැස්ස පොලිසියට කළ පැමිණිල්ලට අනුව පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සොයා බැලීමේ දී අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර තුවාල සහිතව දිකිපිටිය කැලෑ ප්‍රදේශක තිබී ඊයේ (5) දහවල් සොයාගෙන ඇත.
ඝාතනයේ සැකකරු සොයා හසලක පොලිසියේ ෂැගී නිළ සුනඛයා යොදා සිදුකළ විමර්ශනයේ දී නිළ සුනඛ ෂැගී ඉව ඔස්සේ සැකකරුගේ නිවසට පැමිණ කමරය ඉව කර ඇති බවත්, පසුව එම ඉව ඔස්සෙ ළිද ළගට ගොස් සැකකරුගේ සෝදා තිබු ඇදුම් ඉව කර ඇති බවද පොලිසිය පවසයි.
ඒ අනුව (46) හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
කාලක් තිස්සේ තිබු ඉඩම් ආරවුලක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනියම ඔය කුඹුර කියන මඩවලේ ලගින්න තමන්ගෙ සහෝදරයව මරන්න තරම්, උබ මොන විදිහේ කාලකන්නියෙක්ද ?