
(ඉන්දිකා රාමනායක)
කුඹුරු ආරවුලක් මුල්කරගෙන සිය බාල සහෝදරයාට හසලක දිවුලපැලැස්ස ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී ඝාතනය කළ සැකකරු, හසලක පොලිස් නිළ සුනඛ අංශයෙ ෂැගී විසින් ඉව ඇල්ලීමෙන් අත්අඩංගුවට ගත් බව දිවුලපැලැස්ස පොලිසිය පවසය.
ඝාතනයට ලක් ව ඇත්තේ හෙබරව පදිංචි (44) හැවිදිරි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා ඉකුත් (4) දින ගවයින් දක්කාගෙන වැව්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් යළි නිවසට පැමිණ නොමැති අතර, බිරිඳ විසින් මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් දිවුලපැලැස්ස පොලිසියට කළ පැමිණිල්ලට අනුව පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සොයා බැලීමේ දී අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර තුවාල සහිතව දිකිපිටිය කැලෑ ප්‍රදේශක තිබී ඊයේ (5) දහවල් සොයාගෙන ඇත.
ඝාතනයේ සැකකරු සොයා හසලක පොලිසියේ ෂැගී නිළ සුනඛයා යොදා සිදුකළ විමර්ශනයේ දී නිළ සුනඛ ෂැගී ඉව ඔස්සේ සැකකරුගේ නිවසට පැමිණ කමරය ඉව කර ඇති බවත්, පසුව එම ඉව ඔස්සෙ ළිද ළගට ගොස් සැකකරුගේ සෝදා තිබු ඇදුම් ඉව කර ඇති බවද පොලිසිය පවසයි.
ඒ අනුව (46) හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
කාලක් තිස්සේ තිබු ඉඩම් ආරවුලක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මල්ලි මැරූ අයියා ෂැගීගේ ඉවෙන් අල්ලයි
ganegoda Tuesday, 06 December 2022 12:36 PM
තනියම ඔය කුඹුර කියන මඩවලේ ලගින්න තමන්ගෙ සහෝදරයව මරන්න තරම්, උබ මොන විදිහේ කාලකන්නියෙක්ද ?