
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන එමින් තිබිය දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරන ලද රුපියල් මිලියන හැත්තෑ පහක් පමණ වටිනා මිලියන තුනක් පමණ වූ දුම් වැටි තොගයක් විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්කොල සමාගම වෙත භාර කර ඇතැයි රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
නීතිවිරෝධී දුම්වැටි ජාවාරමට එරෙහිව මෙම වසරේ මුල් මාස හයේ දී සිදුකරන ලද මෙහෙයුම්වලදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගත් දුම් වැටි තොගය මෙසේ විනාශ කිරීමට පියවර ගෙන ඇත .
ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද මෙම දුම්වැටි තොගය රුපියල් මිලියන 75 කට වැඩි වටිනාකමකින් යුතුවේ. නීති විරෝධී අන්දමින් ගෙන එන ලද මෙම දුම් වැටි හේතුවෙන් ශ්‍රී ලංකා රජයට වංචා කිරීමට තැත්කළ මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන 480 කට අධික වන බවට ගණන් බලා ඇත .
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව, කාම්බෝජය සහ චීනය වැනි රටවල සිට මෙසේ දුම්වැටි ගෙන එන ලද්දේ ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් යොදා ගනිමින් බවද රේගු ආරංචි මාර්ග සඳහන් කළේය.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජසන්තක කර වෙන්දේසියට දාන එක නොකර විනාශ කල එකේ තේරුම මොකක්ද?විනාශ කරන්නත් ගෙවන්න ඕන නේද?දුප්පත් රටකට නොගැලපෙන නීති.
රු. මිලියන 75ක් වටිනා දුම්වැටි තොගයට පනවා ඇති බදු මුදල රු. මිලියන 480ක්, ඉතිං හොරෙන් ගේන්න පෙළඹෙන එක පුදුමයක්ද? අනික ඇයි මේ දුම්වැටි තොගය විනාශ නොකර අලෙවි කර රජයට අදායමක් ගන්න බැරි? මීට කලකට පෙර නීති විරෝධීව ගෙනා බව පවසමින් පාසැල් උපකරණ තොගයක් විනාශ කලා. නමුත් ඒවා විනාශ නොකර අඩු ආදායම් ලබන පවුල්වල දරුවන්ට බෙදලා දෙන්න තිබුනා.