(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දෙමටගොඩ දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවතේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන අයකු කැබ් රථයකින් බලහත්කාරයෙන් පැහැරගෙන ගියේ ඇයි කියන භික්ෂූන් වහන්සේ නමක් සැකපිට පෙරේදා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පැහැරගැනීමට සම්බන්ධ වූ බවට පැවසෙන පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකු සහ පොලිස්කොස්තාපල් රියදුරකු අත්අඩංගුවට ගැනීමට දෙමටගොඩ පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
මූල්‍ය හා ආයතනයේ හිමිකරු පැහැරගෙන යෑමට පැමිණ ඇත්තේ පොලිසිය විශේෂ කාර්ය බළකා මූලස්ථානයට අයත් කැබ් රථයක් බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගැනීමට සොයන පොලිස් සැරයන්වරයා සහ පොලිස් කොස්තාපල් රියදුරා ද පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ රාජකාරි කරන අය බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පවසයි.
මූල්‍ය ආයතනයේ හිමිකරුට අයත් මාකොළ ප්‍රදේශයේ පිහිටි නිවසේ ඔප්පුව හා ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද පැහැරගැනීම සිදුකළ අය විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පැහැරගත් මූල්‍ය ආයතනයේ අයිතිකරු කොළඹ රාජකීය උද්‍යානය අසල අත්හැර දමා යෑමෙන් පසු දෙමටගොඩ පොලීසියට පැමිණ මේ ගැන පැමිණිලි කරනු ලැබීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ,වාහන අවභාවිතා කරමින් හැසිරෙන්නේ ඒ අයට නීතියක් නැද්ද ?
මේ කතාවේ සුළු කොටසක් පමණයි. ඇයි එහෙම වුනේ කියන එකත් සොයා බලමු. දන්නා විදිහට මේ හාමුදුරුවන්ගේ ලක්ෂ 60 වංචා කරලා.