IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්

(යොහාන් භාසුර)

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටයුතු කරන බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

චීනය, ජපානය සහ මැදපෙරදිග රටවල් සමඟ එම කමිටු තුන සාකච්ඡා කර කටයුතු කරන බව කී අමාත්‍යවරයා රටට අවශ්‍ය ආනයන භාණ්ඩ වැනි දේවල් සම්බන්ධයෙන් එම රටවල් සමග ඉතා ඉක්මනින් සාකච්ඡා කර යම්කිසි සහනයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව එම කමිටුව කටයුතු කරන බව ද සඳහන් කළේය.

මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡාවට සහාභාගී වූ රටවල් 45 න් 31 ක් සෘජුව ශ්‍රී ලංකාවේ ස්ථාවරය අනුමත කරමින් සහයෝගය දීම අපේ රට ලැබූ විශාල ජයග‍්‍රහණයක් බව ද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාවේ ස්ථාවරය සාධරණ සහ එම ස්ථාවරය ජාත්‍යන්තරය පිළිගත යුතු යැයි පැහැදිලි නිගමනය එම රටවල් ප‍්‍රකාශ කළ බව කී අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එකමුතුව සහ සාමුහික ප‍්‍රයත්නයක් ලෙස කටයුතු කිරීම නිසා මෙම සාර්ථක ප‍්‍රතිඵලය ලබාගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය.

යුක්රේනයේ යුද්ධයට මැදිව සිටි ශ‍්‍රී ලංකා පුරවැසියන් 81 දෙනාගෙන් 15 ශිෂ්‍යයන් බවත් ඉතිරි 66 දෙනාගෙන් 39 ක් මේ වන විටත් යුක්රේනය අතහැර පෝලන්තය, රුමේනියාව, ජර්මනියට යන රටවල්වල ගොස් ඇති අතර මේ වන විට එහි සිටින පුද්ගලයන් 27 දෙනා යුක්රේනය අතහැර යෑමට අවශ්‍ය නොමැති බව දැනුම්දී ඇති බවත් අමාත්‍යවරයා කීය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

”ජිනිවා නගරයේ මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාව ඊයේ අවසන් වුණා. අපි ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කළා ශ්‍රී ලංකාවේ ස්ථාවරය. ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඇමතීමට මට අවස්ථා දෙකක් ලැබුණා. ඒ අවස්ථා දෙකේදීම මම යම් යම් කරුණු ඉදිරිපත්කරමින් කියා සිටියේ මේ සියලූම ප‍්‍රශ්න සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ප‍්‍රායෝගික වශයෙන් ලබාගෙන තිබෙන ප‍්‍රගතිය පිළීබඳව.

අපේ රටට විශාල ජයග‍්‍රහණයක්, අපිට ඉමහත් තෘප්තියක් ශ‍්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡාවට සහාභාගී වූ රටවල් 45 න් 31 ක් සෘජුව අපේ ස්ථාවරය අනුමත කළ සේම ඒ සඳහා සහයෝගය දුන්නා.

මම දේශන දෙකම ඉදිරිපත් කළේ ප‍්‍රධාන මූලික කරුණු පහකින්. පළමුව ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් විමසුවා මෙය සාධාරණ ද කියලා. යුරෝපයේ මහ සංග‍්‍රාමයක් ඇති වෙලා තිබෙනවා. එවිට මේ සියල්ලක් මධ්‍යයේ ශ‍්‍රී ලංකාව පිළිබඳව දක්වන අවධානය තුළනාත්මක ද. ඒ සම්බන්ධයෙන් මිඩංගු කරන කාලය, උත්සහය පිළිබඳව අර්ථයක් තිබෙනවාද? අපේ රට ලූහුබැඳ ගෙන යෑමට ඇති හේතුව කුමක්ද කියලා ඒ සියලූ දෙනාගෙන්ම ඕනෑකමින් ඉල්ලා සිටියා.

දෙවැනි කරුණ ලෙස මිෂෙල් බැචලේ මැතිණියගේ වාර්තාවේ අන්තර්ගත කරුණුවලින් සියයට 80 ක් තිබෙන්නේ මේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න පිළිබඳවයි. ජාත්‍යන්තරයට කිසිම විදිහට බලපාන ප‍්‍රශ්න නොවේ. මේ පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ විෂය පථයට කිසිසේත් ඇතුලූ වෙනවාද කියලා ප‍්‍රශ්නයක්. තුන්වන කරුණ ලෙස මේ විදිහට අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න පිළිබඳව විමර්ශන පවත්වනවා නම් වෙන රටවල් සම්බන්ධයෙන් විමර්ශන නොකර විශේෂයෙන් ලංකාව පමණක් ලූහුබැඳ ගෙන යන්නේ ඇයි කියලා මම ප‍්‍රකාශ කළා. ඒ වගේම හතරවෙනි කරුණ තමයි මේ සම්බන්ධයෙන් වියදම් කරන අති විශාල මුදල් ප‍්‍රමාණයන් වියදම් කරන්නේ අද ලෝකයේ තිබෙන අයහපත් තත්වයක් තුළ තමයි. කාටවත් කිසිම හානියක් නොකරන පාඩුවේ ජිවත්වන ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මහා දැවැන්ත ප‍්‍රහාරාත්මක වැඩපිළිවෙළක් සඳහා වියදම් කරන ඩොලර් මිලියන ගාන කිසිසේත් සාධරණ ද කියන ප‍්‍රශ්නය යොමු කළා. පස්වෙනි කාරණය ලෙස මම ප‍්‍රකාශ කළේ මේ වියදම් කරන මුදල් වලින් කිසිම ප‍්‍රයෝජනයක් වෙනවාද නැතිනම් දැවැන්ත හානියක් ද කියලා. එයින් ජාත්‍යන්තරය දෙකට බෙදෙනවා. මෙයින් කිසිම ප‍්‍රයෝජනයක් කාටවත් වුණේ නෑ. මා මෙම කරුණු පහ ඉදිරිපත් කළ අතර රටවල් 45 න් රටවල් 31 ඒ තර්ක පිළිගත්තා. එය අපේ රටට ලොකු ජයග‍්‍රහණයක්.

 



අදහස් (2)

මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්

siri Thursday, 02 June 2022 01:03 PM

විද්වවත්තුකියල රට බාර අරන් අවුරුදු 2න් රට බංකොලොත් කරල දැන් ටයි පොලු දාගෙන රටවල් වලින් හිගාකනව.

:       1       4

pathiraja Tuesday, 23 August 2022 01:18 AM

මෙහෙමත් බොරු කියනවා..!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මැයි රැලියට සියල්ල සූදානමින්
2024 අප්‍රේල් මස 30 0 0

ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය හෙට (1) උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි.


යාපනයේ නව දේශපාලන පක්ෂයක්
2024 අප්‍රේල් මස 30 7 0

එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී අද( 30 )නිල වශයෙන් ඇරැඹිණි.


ගෝඨාභයට එදා මං විරුද්ධ වුණා
2024 අප්‍රේල් මස 30 392 5

රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නා


අකුණු සැරින් අයියා නගෝ මරුට
2024 අප්‍රේල් මස 30 791 0

මාතලේ රත්තොට දන්කන්ද වැල්ගාලායාය ප්‍රදේශයේ නිවෙසකට අකුණු සැර වැදීමේන් අවුරුදු 12ක පාසල් සිසුවියක හා වයස අවුරුදු 23 තරුණයකු අකුණු සැර වැදීමෙන් මියගොස්


සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් කොටුවෙති
2024 අප්‍රේල් මස 30 478 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන සැසැකකාරියක් ඇතුළු සැකකරුවෝ සිව් දෙනෙක්


අකුණු සැරෙන් අයෙක් මරුට
2024 අප්‍රේල් මස 30 145 0

මුලතිව් තුනුක්කායි අයියන්කුලම්හිදී අකුණු සැර වැදී එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 397 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1794 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1622 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site