
(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
පොලිස් හදිසි ඇමතුම් අංක 119 වෙත ලද තොරතුරක් අනුව ගොස් සිදුකල පරීක්ෂාවේදී මෙම මිනිස් ශරීරය හමු වූ බවත් එහි කොටස් දිය වෙමින් පවතින බවත් පොලිසිය පවසයි.
සති දෙකකට පමණ පෙරණ ශරීරයක් බවට සැක කල හැකි බවත් එම ශරීරයේ කොටස් සතුන් විසින් කා දමා ඇති බවත් නවගමුව පොලිසිය පවසයි.
මෙය ඝාතයක්ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd