(අංජුල මහික වීරරත්න)

මාලඹේ - කඩුවෙල මාර්ගය වැඩි දියුණු කිරීමට කැබිනට්  අනුමැතිය ලැබී ඇත.

ජාතික අධිවේගී මාර්ග පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ වෙන් කර ඇති අරමුදල් උපයෝගී කර ගනිමින් මාලඹේ - කඩුවෙල මාර්ගයේ (B 263) කිලෝමීටර 5.56 ක දුර ප්‍රමාණය වැඩි දියුණු කිරීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 08 ක් ලැබී තිබේ. 

එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව  අවම ලංසුකරු වන M/s Senarath Engineering (Pvt) Ltd වෙත රුපියල් මිලියන 819 ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.