



මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට විරෝධය පා උඩුදුම්බර කාශ්‍යප හිමියෝ අද(05) කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.
මෙම ආන්දෝලනාත්මක ගිවිසුම පිළිබඳව ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා නිල ප‍්‍රකාශයක් කරන තෙක් තමන් මාරාන්තික උපවාසයේ නිරත වන බව කාශ්‍යප හිමියෝ ප‍්‍රකාශ කළහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර ශාෆිට විරුද්දව උපවාසය කළ කෝ අර හාමුදුරුවෝ? නුවර හිටියා වගේ ඉන්න පුලුවන් නේද? කෝ අනික් හාමුදුරුවෝ. එතනට ගිහින් සහයෝගය දෙන්න පුලුවන් නේද?
මේ උපවාසය ජයග්‍රහණය කරත්වා!!!
දේශපාලකයන්ට ප්‍රයෝජන ගන්න හොඳ අවස්ථාවක්.
ගෞරවණීය උඩදුම්බර කාශ්‍යප හිමිපාණන් වැනි ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමකටත් උපවාස කරන්නට තරම් භයානක ගිවිසුමක් ගහන්න වලිකන මේ ආණ්ඩුව පලවා හරින්න ජනතාවට සිත් පහළ වේවා!
මේ ගිවිසුම ගැන මොනවද දන්නේ ?
මහින්ද පානය පොවලd උපවාසය නතර කරමු. රණවිරු උපවාසය දැක්කනේ. මේ සේරෝම දේශපාලන බංකොලොත් අයගේ තුරුම්පු.
විමල්ගේ ගෝලයෙක්.
තවත් කෝලමක්.
ඔක්කොටම කලින් ගිහියෝ ජනපති, අගමැති තනතුරු අත්හැරලා සංඝයා වහන්සේලාට ලංකාවේ පාලනය භාරදුන්නනම් රට හුඟක් දියුණු වේවි.
ලෙමන් ෆප්ද? වෙන මොනව හරිද ?
කරුණාකර ප්‍රථමයෙන් රටට අහිතකර ගිවිසුමේ කුමන වගන්තිද කියල පහදා දෙන්න. ගිවිසුම කියවන්නේවත් නැතුව දේශපලන උවමනාවන් මත කරන මෙම නාටක වලින් තියන ඡන්ද ටිකත් නැති වෙනවා.
පාට පක්ෂ ඔලුවේ දමාගෙන මෙදෙස බලා, කොමෙන්ට් දැමීමෙන් වළකින්න. මෙය කරන්නේ ආණ්ඩුව පලවා හැරීමට නොව ගිවිසුම වැලක් විමටය. මෙම හිමිනම උපාධියක් හිමි උගත් ආරණ්‍යවාසි හිමිනමකි. වැස්සටවත් පන්සල් නොගිහින් පක්ෂ වන්දනාවේ යන අය කිපුනට ඵලක් නැත. මෙය කරන්නේ රට පාලනය කරන පක්ෂ දෙකටම එරෙහිවයි.
ඇත්තෙන්ම ඔය අත්සන් කරන්න යන ගිවිසුමේ අඩංගු කරුණු කාරනා හරියටම දන්නේ කවුද? මිට වැඩිය හොඳ නැද්ද කරුණු කාරණා හරි හැටි දැනගෙන විරෝධතාවයන් පැවත්වුවානම් ? කොයිතරම් දෙඩුවත් කරුණු කාරණා හරි හැටි අවබෝධ කරගත යුතු බව බුද්ධ වචනයේ පවා දේශනා කර තියනවා නේද? දේශපාලුවෝ පිස්සු කෙළියට මනා සිහි බුද්ධියක් තිබෙන අපි සැවොම ඒ ගොඩට වැටෙන්න ඕනේද ? කොකාගේ වාරේ වගේම තිත්තයාගේ වාරෙත් දැන් ඇවිත් නේද?
මෙයාලගේ මෝඩ වැඩ නිසයා පරදින්නේ. වර්ජන කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම කරනවා දිනන්න. ඕවට මිනිස්සු අහු වෙන්නේ නෑ දැන්. මිනිස්සු බුද්ධිමත්.
මෙම විනයධර ස්වාමින් වහන්සේ මෙම උපවාසයට එළඹ ඇත්තේ දේශපාලනික අරමුණකින් නොවන අතර හුදෙක් මෙම බිහිසුණු ගිවිසුම මගින් මෙරටට වන හානිය නිසාවෙන්මයි. මෙබඳු හිමිවරුන්ට අපහාස කළ හැක්කේ නිවටයින්ට පමණි. මෙම උපවාසයට තම උදරය ගැන පමණක් සිතන්නන් හැර රටේ හෙට ගැන සිතන සැවොම එක්විය යුතුය.
ගෝඨා මැතිතුමා දිනපුවම මේක අහෝසි කරනවා. ඒ නිසා ආපසු පන්සලට වඩින්න ස්වාමිනි.
මොනවා දැනගෙන මේ කඩේ යනවද ? දෙයියෝ තමයි දන්නේ සිද්ධිය.
හරි ඔය ගිවිසුමේ ඔයතරම් වරදක් නැත්තම් මොකද ඔයතරම් හදිසියේ අත්සන් කරන්නේ. ඕක මැතිවරණයෙන් පසු අත්සන් කරන්න යන ඒකෙන්ම තේරෙනවා ඒකේ තියන භයානකකම.
ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව ඉටුවේවා ! පොහොට්ටු, එජාප, ශ්‍රීලනිප පට්ට හොර නරි රැළ මෙයට කිට්ටු කරගන්න එපා. ඒ දෙගොල්ලගෙම අදුරදර්ශි ක්‍රියා නිසා තමයි අපට මේ විනාශයට මුහුණදීමට සිදුවී තිබෙන්නේ. අපිට නැතිවන්න දෙයක් නැහැ. අපි ඔක්කොම එකතුවෙලා වෙනත් විකල්පයක් වෙනුවෙන් අපේ ඡන්දය පාවිච්චි කරමු. අපි තවමත් පරක්කු නැහැ. අපිට තව දවස් 14 ක් තියෙනවා.
විහිළුකාරයෝ.
පෙන්නන්නේ එකක්. අත්සන් කරන්නේ තව එකක් .හැමදාම එහෙම නේද ?
අර කලින් උපවාස කළ කෙනා අන්න දැන් ඉන්නවා සැපට.
අර බලකායවල් වල බළල් අතක් නොවී කරුණකර අරණට වදින්න.
මේවා දැන් නියම සංදර්ශන වෙලා. සහතිකෙන්ම දේශපාලකයෙක් ඇති මේක පිටිපස්සේ. අපි අතීත සිද්ධීන් දැක්කනේ. දැන් දේශපාලකයෙක් ඇවිල්ල බීම පොවලා සුපිරි වාහනයකුත් දෙයි. එතකොට ඔක්කොම ඉවරයි. මේවා කරන්න සිවුර ගලවලා ආවනම් තමයි හොඳ. එතකොට අපිට පව් පිරෙන්නේ නෑ.
මුන් වහන්සේ බොහොම ගෞරවනීය උගත් ධර්මධර විනයධර භික්ෂුන් වහන්සේ නමක්. මෙතන තියෙන අදහස් දැක්කම පුදුම හිතෙනවා අපේ රටේ මිනිස්සු ගැන. උන්වහන්සේගේ බණ පදයක් අහල බලන්න. උපවාස කරන එක හරි කියලා කියනවා නෙමේ. එය බුද්ධ පුත්‍රයන්ට ගැළපෙන දෙයක් නොවේ. නමුත් මෙතුමා කාටවත් කඩේ යනවා වෙන්න බෑ. නමුත් උන්වන්සේට එවැනි දෙයක් කරන්න උනේ ඇයි කියන එකයි ගැටලුව. තෙරුවන් සරණයි.
බද්රානි, සාමාන්‍යයෙන් මම අදහසකට ප්‍රති අදහස් මේතරම් දමන්නේ නැහැ. නමුත් මෙතැනදී මම මේ ස්වාමින් වහන්සේගේ අරගලයට වචනයකින් හරි එකගයි. බද්රානි ගූගල් එකේ තියෙන විදිහටම මේ ලියවිල්ලේ අන්තර්ගතය තියෙන වග ඔබට දිය හැකි සහතිකය කුමක්ද? ඔබ කාට කඩේ ගියත් මට වැඩක් නැහැ. එය හරි හෝ වැරදි වුනත් ඔබගේ අභිමතය. එයට මම ඔබ සමග එකගයි. නමුත් බොහෝ පිරිසක් අදහස් ප්‍රකාශ කරන ලංකාදීපයේ හරි දේට හරි කියන ගමන් වැරදි දෙයට වැරදි කියන්න මම පසුබට වෙන්නේ නැහැ. අපේ රටේ දශක කිහිපයක සිට පාලනය කල, කරන සහ කරන්න දගලන සැවොම ගැන මට පැහැදීමක් නැහැ. ඔක්කොම හොරු. තමන් ගැන, තම වරිගය ගැන, තම එහෙයියන් ගැන පමණක්ම සිතන හොරු රැළකින් අප කුමක් බලා පොරොත්තු වෙන්නද? රට දිනෙන් දින ප්‍රපාතයටම යන්නේ ඇයි? අප ජීවත් වන රටට මේ වෙන ඛේදවාචක දැක අප ඇස් කන් වසා සිටිය යුතුද? කවුරු දිනුවත් මට වැඩක් නැහැ. නමුත් රට දියුණු වෙන එක කෙසේ වෙතත් තව තවත් ප්‍රපාතයටම යන එක අප වැළක්විය යුතුමය. කිසිම දේශපාලකයෙක් දුප්පත් වෙලා අසරණ වෙලා තියෙනවද? එහෙමත් නැතිනම් ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන් දුක් විදිනවද? දවසේ වියදම හොයන්න කෙතරම් මහන්සි වෙනවද?
මම හරිම ආසාවෙන් එම ස්වාමින්වහන්සේගේ බන අහනවා, සෞම්‍ය ගතියෙන් යුතුව බන දේශනා කරනවා කිසි අනතුරක් නොවේවා... මගේ ආගමේ හැටියට උන්වහන්සේට දෙවි පිහිට ලැබේවා.!
හාමුදුරුවෝ ගැන හරියට දැනගෙන විවේචනය කරන්න. බී.එස්.සී එකක් එක්ක සිවිල් ඉංජිනේරුවෙක් වුන හිමිනමක්. යමක් කමක් තේරෙන්නේ නැතිව කරන උපවාසයක් නෙවේ. පාලකයෝ ,රටටත් ,රටේ අනාගතයටත් හානිවන ආකාරයෙන් ගිවිසුම් ගහන එකට කවුද උපවාසයක් කරන්න කැමති? කෙනෙක් ඉන්නවනම් ස්වාමින්වහන්සේගේ තැන ගන්න. ස්වාමින්වහන්සේ ආරණ්‍යයට ගිහින් බණක් ,භාවනාවක් කරගෙන ඉඳියි.
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් කුමක්ද යන්නවත් නොදැන, එය පිළිබදව සොයා නොබලා දේශපාලන වාසි උදෙසා කරන විගඩම් වහාම හෙලා දැකිය යුතුයි. එය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ පටන් උත්සාහ කොට අවසානයේ 2017 අනුමත වූ ප්‍රධානයක් වන බව හෝ නොදැන වතුර වීදුරුවේද කිඹුලන් සෙවීම ළිං මැඩියන්ගේ ක්‍රමයයි. මෙම රාජපක්ෂගේ කල්ලිය එදා සිටම කළේ කිසිම රජයකට ජනතාව උදෙසා වැඩ කිරීමට නොදෙමින් කකුලෙන් ඇදීමයි. එදා කතරගම දුම්රිය මග සහ දකුණු අධිවේගී මාර්ගයේ තිබු මුල්ගල් නිල්වලා ගඟට විසිකර තමන්ගේ නම් ගසා ගත් මොවුන් චීනයට රටේ ඉඩම් සින්නක්කරම විකුණා දමද්දී මෙම හාමුදුරුවන් සහ පිරිස සිටියේ කොහේද ? කිසිම ශ්‍රී ලාංකික දේශපාලකයෙක් ( ගෝඨාභය වැනි ඇමෙරිකානුවන් හැර) රටේ සම්පත් ඇමෙරිකාවට හෝ වෙනත් කිසිම විදේශයකට පවරා නොදෙන බව ඕනෑම බබෙකුට තේරිය යුතු සත්‍යකි. එහෙත් ගෝඨාභය වැන්නන් කැබිනට්ටුවටද නොදන්වා ගිවිසුම් ගසා රට ඇමෙරිකාවට විකුණු බව මේ අය නොදන්නවා විය හැකිය.
උපවාස කරනවානම් තව ප්‍රශ්න කොයිතරම් රටේ තියෙනවද. රත්න හාමුදුරුවෝ පෙන්න නැත්තේ, උපවාසේ රගේ දන්නා නිසා, මහින්ද තැබිලි බානවා අරන් එන්න.
අපේ හාමුදුරුවන්ට අපේ නමස්කාරය.
මොන උපාධි අරන් හරි ආරණ්‍යගත වුනේ සසර කලකිරිලා නම් ඒ දෙයක් කරගෙන සසරින් එගොඩ නොවී දේශපාලන ආරවුල් වලට මැදි වෙන්නේ?
ධර්මය දේශනා කරන්න කව්රුත් නැති වෙයි මයේ හිතේ ඉක්මනට...