




මව්බිමේ සුරක්ෂිතතාව උදෙසා සංවිධානයේ සාමාජිකයෝ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද(04) විරෝධතාවක් පැවැත්වූහ.
ජනමත විචාරයකින් තොරව ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන ලෙස රජයට බල කරමින් එම විරෝධතාව පැවැත්විණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවෙන් පුරවැසියෙකු වූ ජනාධිපති කෙනෙක් මෙම ගිවිසුම්වලට එකඟ වී අත්සන් කරාට කමක් නැත.
ලොක්කගේ නෝනත් ඇමෙරිකාවේ නේද? මෙතන මැරෙන්න හදන්නේ.
බොහොම හොඳයි. කෙසේ හෝ මෙය වළක්වන්නට උත්සාහ කරමු. ආණ්ඩුවටත් නොවැම්බර් 16 ගෙදර යන්න වෙන බව දැනී ඇති නිසයි තකහනියේම මේක අත්සන් කරන්ට යන්නේ. යන යකාට යන්ට කියමු. නමුත් කොරහ බිඳින්නේ නැතිව.
ඕක කොටුවේ දුම්රිය පළ ඉදිරිපිට නොකර, ඇමරිකානු තානාපති කාර්යාලය ඉස්සරහ ඔය උද්ඝෝෂණය කළානම් හරියටම හරි... ඕක අත්සන් කරන්නේ දුම්රිය මගියෝ නෙවේනේ නේද? ඇමරිකන් තානාපති සහ රටේ නායකයින්නේ...
හොර පාස්පෝර්ට්, අයි.ඩී කාඩ් හදාගන්න අයට විරුද්ධව උද්ගෝෂණය කරන්න බැරිද?
පිස්සු තමයි! රටට යහපත් දෙයක් වෙනවට කැමතිම නෑ...
අැමෙරිකන් කාරයෙක්ට කඩේ යනගමන් මිනිස්සු රවට්ටන්න කරන දේ. මේවා පිළිගන්න මිනිස්සුත් ඉන්නවනේ...
දැන් ඉතින් ඉතිරි සංවිධානත් මීට එකතුවිය යුතුයි. මේ හොර ගිවිසුම අපේ රට සම්පූර්ණයෙන්ම ඇමෙරිකාවට නතුකර ගැනීමේ එකකි. එය අද නොව තව අවුරුදු 25 - 50න් පසු මුළුමනින්ම විපාකදෙන මහ විනාශකාරී එකකි.
කෝ මේ නාහිමිවරු.. කියන කට්ටිය? ඒ ගොල්ලෝ ඉන්නේ දේශපාලුවන්ට පිරිත් නූල් බඳින්න විතරද? ලැජ්ජයි...!!!
මෙහෙම ගියොත් ශ්‍රී ලංකාව, නැවත වරක් චීනෙට හෝ ඇමරිකාවට හෝ ඉන්දියාවට හෝ කුමන හෝ රටකට යටත් විජිතයක් වෙන එක නොඅනුමානයි.
ඔය වැඩපිළිවෙල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් ලබාගන්න උත්සාහ කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ පාලන කාලේ පෝර්ට් සිටි ඉඩමෙන් හෙක්ටයාර 30ක් චීනෙට සින්නක්කරවම දුන්නා. ගොල්ෆේස්හි පිහිටි හමුදා මූලස්ථාන ඉඩම චීන සමාගමකට සින්නක්කරවම ලියලා දුන්නා. එකෙන් ලැබුණු ප්‍රතිලාභයෙන් දකුණු පළාතේ ලොකු හෝටලයකුත් හැදුවා කියනවා. ඒ කාලේ කොළඹ වරායේ වටිනාම ජැටිය චීන සමාගමකට 85%ක් අයිති වෙන විදියට සහ වරායට 15%ක් අයිති වෙන විදියට ලියලා දුන්නා. සෝමාවතිය වනාන්තරයේ අක්කර 5000ක් "ඇමෙරිකානු" ඩෝල් සමාගමට කෙසෙල් වවන්න විකිණුවා. ඒ කාලේ මේවගේ විරුද්ධ වෙන්න ක්‍රමවේදයක් තිබුනේ නැතුවා වෙන්න ඇති නේද? බැරිවෙලාවත් ජනාධිපති වුණොත් දරු පවුලත් අමෙරිකානු අයියත් එයාගේ දරු පවුලත් ඇමෙරිකානු. එතකොට කොහොමද ඇමෙරිකානු විරෝධී සටන් මෙහෙයවන්නේ විමල් මහත්තයෝ? හරිම අබිලික් වැඩක් නේද වෙන්න යන්නේ?
අනේ මෙහෙමත් ජනතාව ගොනාට අන්දන හැටි...
මේවායේ එක උගතෙක් වත් ඉන්නවද?
මෙවන් දේශපාලකයෝ නිසා ලාංකීය ජනතාව සැමදා එකතැන!
ඇයි මෙයා මාරාන්තික උපවාසයක් වාඩිවුන් නැත්තේ?
ආයේ ඉතින් හත් මුතු පරම්පරවකවත් කෙනෙක්වත් ශිෂ්‍යත්වෙකටවත් ඇමෙරිකාවේ යවනවානම් බොරු. අර ග්‍රීන් කාඩ් දාපු කට්ටියගේ අම්මලා, තාත්තලා, නැන්දලා, මාමලා, අක්කලා, අයියලා එහෙමත් ඔතන ඉන්නවද?
අයියෝ බයියෝ නොවෙයි ගෝඨගේ මතය කුමක්ද?
මෙයා කරන්නේ බොරු කියලා මිනිස්සු රවට්ටන එක.
මිනිස්සු ගොනාට අන්දන්න කලින් ඕකේ තියෙන දේවල් පැහැදිලිව ප්‍රසිද්ධ කරන්න. එතකොට මිනිස්සු තේරුම් ගනීවි හොඳ නරක මොකක්ද කියලා? මේ විදියට මිනිස්සු නොමග යවන එක වළක්වන්න තියෙන හොඳම දේ ඒකයි. රටට හොඳ දෙයක් නොවේනම් මිනිස්සු උද්ඝෝෂණයට එකතුවේවි. අනික මෙයාලා උදව් කරන්නේ ඇමෙරිකානු පුරවැසියෙකුට අපේ රටේ ජනපති වෙන්න. මොකක්ද මේ දෙබිඩි පිළිවෙතේ ගැළපීම?
විමල් මොකද උපවාස කරන්නේ නැත්තේ? ඇමරිකන් බැසිල්ගෙන් මේ ගැන ඇසුවද?
කඩාකප්පල්කාරයෝ. ජනාධිපතිවරණ තුරුම්පු සහ මිනිසුන් නොමග යැවීම්.
ඇමෙරිකන් පවුලක් රජ කරවන්න පුදුම කඩේ යාමක්. එහෙම නැතිව එම්.සී.සී ගිවිසුමට ඇත්තටම විරුද්ධව පාරට බහින්න පුළුවන් කට්ටියක් නෙමේ මේ අය.
සමහරක් ප්‍රතිචාර දාන අමනයින්ටත් රට ගැන ආදරයක් නැත. නමුත් රටට ආදරයක් ඇති දේශ ප්‍රේමී ජනතාව යම්කිසි දෙයක් රට වෙනුවෙන් කරනවා. ඔවුන්ට අපේ ආශිර්වාදය.
ACSA, SOFA ගිවිසුම් දෙකම ගෝඨාභය විසින් 2015 ට පෙර අත්සන් කර ඉවරයි. මේ වහල්ලු ඒකවත් දන්න නෑ. MCC එකේ තියෙන වැරදි පෙන්නන්න කියලා කිව්වට ඒකට ඉදිරිපත් වෙන්නත් නෑ.