(අජන්ත කුමාර අගලකඩ)
ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණද එය හෙට (05) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සලකා බැලීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව නොලැබුණද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගිය සතියේ ලබාදී තිබිණි.
ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වලින් විරෝධතා එල්ල වූ අතර ජනාධිපතිවරයාට පෙර එම ගිවිසුමට අත්සන් නොකරන්නැයි ජනාධිපතිවරයා මුදල් ඇමැති මංගල සමරවීර මහතාටද දැනුම් දී තිබිණි.
එම ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ ගත් තීන්දුව හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සලකා බැලීමට බොහෝදුරට ඉඩ ඇති බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්සන් කළොත් රට ලේ විලක් වෙනවා අනිවාර්යයෙන්ම. ඇමෙරිකානු ගැති, ඔවුන්ට ඕනෑම දෙයක් පාවාදෙන කණ්ඩායමක් අපේ රටේ සිටියි. රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ හිතවත් කණ්ඩායමක් සිටී. ඇමෙරිකාව ඔවුන් ලවා කරගැනීමට මානබලන උපක්රමික දේවල්, කලින් කලට ටිකෙන් ටික මේ අය ලවා මේ රටට එන්නත් කරනු ලැබේ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමත් , සෝෆා වැනි ගිවිසුම් මේ අතරින් ඉතාමත්ම උපක්රමිකව අපේ රට හා අත්සන් කිරිමට යන ඒවාය. අපේ රටේ වටිනාකම,භුමියේ පිහිටීම,දුර්ලභ ඛනිජ, යුධමය වශයෙන් ආසියාවේ ඇති වාසිදායකම ස්ථානය වීම, සහ අධික ලෙස විදේශයන්ට ණයවිම වැනි දේ තම වාසියට හරවා ඩොලර් මිලියන 450 කට තම රට පාවාදීමට කැමති පාලක පක්ෂයක් රටේ ඇතිකිරීම එහි පළමු පියවරයි. එය සිදුවුයේ මිට කලින් සිටි රජය කළ දුෂිත වැඩ නිසා බව කව්රුත් දනියි. සදාම් හුසේන්,බින් ලාදින්, ඒවගේම අබු බාකර් බැග්ඩාඩි වැනි මුලින් ඇමෙරිකන් ගැත්තන්ට අවසානයේ වුන ඉරණමම අපේ අයටත් සිදුවිය හැක.
මේ පවතින අවස්ථාවේ ඔය වගේ දෙයක් අත්සන් කරන්න දඟලන්නෙ රටේ යහපතට නම් නෙවෙයි. මොකද මේක ගේන්නම දඟලන කෙනා රටට ජාතියට ආදරය ඇති කෙනෙක්වත් ධාර්මික කෙනෙක්වත් නෙවෙයිනේ. එය මේ අවස්ථාවේ අත්සන් නොකළ යුතුයි.
මහදනමුත්තලා ටිකයි එයාලගේ ගෝල බාලයෝ ටිකයි එකතුවෙලා අයෙත් වතාවක් රට යුද්ධයකට ගෙනියයි වගේ. හා කියන අයවත් එපා කියන අයවත් තමන් කරන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති එකයි මේකට මුල. ටික කාලයක් එක රටක් පස්සේ යනවා. තව ටික කාලයක් තවත් රටක් පස්සේ යනවා. අන්තිමේ අර අලින්ට මැදිවුණු වඳුරා වගේ විහින් නහිනවා. අම්මපා මේ සේරම එළවලා මොලේ ඇති කෙනෙකුට රට භාරදෙන්න අපේ මිනිස්සුන්ට හිතෙන්නේ නැහැනේ.
ජිනිවා තනතුර ලබාගැනීම සදහා රට පාවා දීම නිහීන ක්‍රියාවකි.
මෙහෙමත් විජ්ජාවක්. සටකපට ආණ්ඩුවක්.
සලකා බලන්න ? සළකන්න නෙමෙයි අකුලා ගන්න විතරයි තියෙන්නේ. මෙහෙම නිහීන විදියට රට පාවලා දුන්නේ 1815 දී විතරයි මම හිතන්නේ. අපි එච්චරටම ආපස්සට ගිහිල්ලද මේ ඉන්නේ ? වැඩිකල් නොයා ගල් යුගේටත් යනවා කියලද අපිට ඔප්පු කරවන්න යන්නේ ?
එජාපෙට 2002 දි කරගන්න බැරි උන එක ඊට වඩා වෙනස් විදිහකට දහස් ගුණයකින් භයානක විදිහට 2019දි කරන්න හදනවා. මේ රට මොවුන්ට මොනවා කළාටද මෙහෙම අපේ රටෙන් සහ අපේ මිනිස්සුන්ගෙන්, අපේ ඉතිහාසයෙන් මෙහෙම පළිගන්නේ?
අත්සන් කරන හැමෝටම තරු පෙන්නනවා.
යළි සලකා බැලීමක් අවශ්‍ය නැහැ. මේ ගිවිසුම් 3 ම විසි කරන්න. කෙසේ වෙතත් එජාපයටවත්, පොහොට්ටුවටවත් මිනිස්සු ඡන්දෙ දාට ඡන්දය දෙන්නේ නැහැ. පොහොට්ටුවත් කරන්නේ බොරුවක්. හොරා ජනාධිපතිවුන ගමන් මේ ගිවිසුම අත්සන් කරනවා. ඒ තමයි මේ රටේ ඇමෙරිකානු ඒජන්තයා. අපිට තව දවස් 14 ක් තියෙනවා අපේ විකල්පය වෙත ගොස් රට බේරාගන්න. අනුර කුමාර,මහේෂ්,පල්ලෙවත්ත,විජේසිංහ ,නාගා,කොලොන්නේ ඔබ සියලුදෙනාම එකතුවෙන්න.
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සමග තව පනත් 3ක් එන බව දැනගන්න ලැබුණා. එක පනතක තිබෙන්නේ ගිවිසුම අත්සන් කළායින් පසු එම ගිවිසුමට විරුද්ධව කතා කිරීම ත්රස්තමර්දන පනතට යටත්ව දඬුවම් ලැබිය හැකි වරදක් ලෙසය. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඇති ඒ කොරිඩෝව තුළ සියලුම රජයේ ඉඩම් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගමට අයිතිවන බව සඳහන් වෙනවා. දැනටමත් රජයේ බලපත්‍ර ඇති ඉඩම් හිමියන්ට එම ඉඩම් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගමට හැර වෙන කාටවත් විකුණන්න බැරිබව සඳහන් වෙනවාලු. තව බොහෝදේ තිබෙනවා...