(හර්ෂණ තුෂාර සිල්වා)
ජනාධිපතිවරණය සමයේ දී දැඩි මතභේදයකට තුඩු දුන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ඉතාම ඉක්මණින් ක්‍රියාත්මක කරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ඇලිස් ජී. වෙල්ස් මහත්මිය පවසා ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ‘ද විල්ස් සෙන්ටර්’ හි සංවාදයකට එක්වෙමින් ඇය ඒ බව සඳහන් කර තිබේ.
එහිදි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇලිස් වෙල්ස් මහත්මිය මෙසේ කීවාය.
“අපට තවත් එම්.සී.සී. ගිවිසුමක් තිබෙනවා. අපි ඉතාම ඉක්මණින් එය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනවා. එමගින් ඉඩම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ඉතාම වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කරනවා. එය ආර්ථික සංවර්ධනයේ දොරගුළු විවෘත කිරීමට උපකාරී වනු ඇතැයි අපට විශ්වාසයි”.
හම්බන්තොට මහ පරිමාණ වරායක් ඉදිකිරීමේ කිසිදු වාණිජ සාර්ථකත්වයක් නොමැති බව ශක්‍යතා අධ්‍යයන කිහිපයකින්ම අනාවරණය කෙරුණත් චීනය ශ්‍රී ලංකාවට ණය දෙමින් වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව ද ඇලිස් ජී. වෙල්ස් මහත්මිය එහිදි සඳහන් කර ඇත.
එම නිසා අදාළ ණය ගෙවීමට ශ්‍රී ලංකාව අසමත් වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී ණය සහනයක් වශයෙන් ශ්‍රී ලංකාව 99 අවුරුදු බද්දකට හම්බන්තොට වරාය චීනයට දුන් බව ද පවසා ඇත.
ශ්‍රී ලංකාව තුළ චීනයේ මූල්‍ය පහසුකම් යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බව පෙනී යන බව ද ඇය සඳහන් කර තිබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 104 විදුලි සංදේශ කුළුණ සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 2-09ක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආදී හිස් සහ භාවිත නොකරන ව්‍යාපෘති රැසක් ඇති බව ද වෙල්ස් මහත්මියා කියා තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව චීනයේ මූල්‍ය පහසුකම් යටතේ සහ චීනයේ ‘වන් බෙල්ට් වන් රෝඞ්’ ව්‍යාපෘතිය යටතේ සංවර්ධන ව්‍යාපෘති කෙරෙන රටවල් රැසක් ණය අවදානමකට පත්ව ඇතැයි ද ඇයි එහිදි වැඩිදුරටත් පවසා ඇත. පාකිස්තානය, මාලදිවයින, ටජිකිස්තානය සහ කිර්ජිස්තානය ඇතුළු රටවල් ද ඒ අතර වන බව තවදුරටත් සඳහන් කර ඇත.
ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ධුරය හොබවයි. එමෙන්ම ඇය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය කියන්නේ ගිවිසුම හොඳද බලල තීරණය කරනවා කියලා. එහෙම නම් ඇමෙරිකාව කොහොමද කියන්නේ ඉක්මනින් ක්‍රියාත්මක කරනවා කියලා.
එතුමියට ඒ අයිතිය තියෙනවා කෙලින්ම කියන්න සහ ක්‍රියාත්මක කරන්න. එතුමියගේ රට වැසියෙක් රට කරන විට.
හරි හරි. දැන් කලබල වෙන්න ඕන නැහැ. ඔබලාට පහසුවෙන් මේක කරගන්න පුළුවන් වේවි.
මේක නිකන් එයාගේ රටක්ද ?
ජනාධිපතිතුමා මේක කොහොමවත් අත්සන් කරන එකක් නැහැ. චීනා ඇවිත් හම්බන්තොට අල්ලා ගත්තා ඇමරිකන් කාරයා කොළඹ ඉඳලා තිරිකුණාමලේටම සල්ලි දීලා ගන්න යනවා එතකොට අපිට රටක් කෝ...?
ඒවා කොහෙද අපේ නව ජනාධිපතිතුමා එක්ක. ඇමෙරිකාවට ඕන විදිහට නටන්න එතුමා සූදානම් නැහැ.
කෝ අපේ දියසේන කුමාරයා? කෝ අපේ පංචායුධ කුමාරයා?
බලමු දැන් පහුගිය දවස් වල අලුත් ආණ්ඩුවට කඩේ ගිය කට්ටියගේ අදහස්. මම පරණ ආණ්ඩුව කාලෙත් මෙය විවේචනය කළා. මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට විරෝධය පා මාරාන්තික උපවාසයක් යන සිරස්තලයට පක්ෂව මම අදහස් ප්‍රකාශ කළා. හැම රටක්ම තමන්ගේ වාසියට යම් ගිවිසුමක් ගහන්නේ. නැතුව කව්රුවත් පිනට දෙන්නේ නැහැ. එහෙම උණුවෙන හිත් දේශපාලනයේදී නැහැ. තමන්ගේ රටේ කොයිතරම් ප්‍රශ්න තියාගෙනද තව රටක ප්‍රශ්නයකට මැදිවෙන්නේ. නමුත් අපේ කරුමෙක මහත අපේ කියන අය මේ ගිවිසුම් වලට එළැඹෙන්නේ තමන්ගේ රට ගැන නොහිතා. පුද්ගලික වාසි පතා... ඕනෙම මෝඩයෙක් දන්නවා ණයක් ගත්තොත් පොලියත් සමග ගෙවන්න වෙන විත්තිය. එක ණයක් පියවන්න තව ණයක් ගන්නවා. ඒක පියවන්න තවත් එකක්. දම්වැල වගේ යනවා. අනවශ්‍ය වියදම් කපා හැර ණය පියවන්න බලන්නේ නැහැ. ඒවා තව තව වැඩියෙන් කරනවා. හැම රකියාවකටම අධ්‍යාපන සුදුසුකම් ඕනේ. වයස් සීමාවක් තියෙනවා. රැකියා ප්රතිලාභ ලැබෙන්නේ ඒ අනුව. නමුත් දේශපාලකයින්ට? කිසිම දෙයක් අවශ්‍ය නැත. දේශපාලනයේදී ඉන්නකම් පගාව, කොමිස් එකී මෙකි හැමදේම ගන්නවා වරප්‍රසාද සමග. ඒ මදිවට අවුරුදු 5ක් හිටියම විශ්‍රාම වැටුප්. කාට කියන්නද?
එහෙම කරනවා නම් ඉතින් කරන්න වෙන්නේ මේ රට අමු සොහොනක් වුණාට පස්සේ තමයි. මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව 52.25%ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරයා තෝරා ගත්තේ ඔය කියන ගිවිසුමට විරෝධය දක්වන්න තමයි. ඇමෙරිකාවේ තනි මතයට එහෙම දෙයක් කරන්න අාවොත් චීනය සහ ඉන්දියාව සමග විශාල මත ගැටුමකට මුහුණදෙන්න සිද්ධ වෙයි. රට මේසා වියවුලකට පත්කළ මුග්ධයින් මේ රටින් පිටුවහල් කළ යුතු නොවේද?
ඔන්න බයියනේ වෙනස සැපවෙන්න යන්නේ.
තිස්ස සර් බලමු දැන් මොකද කියන්නේ කියලා..? රට බෙදෙනවා කොරිඩෝව දානවා කිව්වනේ. බලමු දැන් කියන දේ...
මෙම ගිවිසුම රටට ඉතා වැඩදායි වටිනා ගිවිසුමක් බව දේශප්‍රේමී ජනතාව සහ ඇමතිවරුන් ඉතා නුදුරේදී මාධ්‍ය සංදර්ශන පවත්වනු ඇත.
වීරවංශ තුමාට දැන්නම් පාරේ බුදියගෙන තැඹිලි බොන්න බැහැ. ඇමතිතුමෙක්නේ? හී හී හී !!
රටේ ප්‍රධාන, පුද්ගලික මාධ්‍ය දෙකක් සහ විමල් උන්නැහේ ගිරිය පුප්පගෙන සිතියම් පෙන්න පෙන්න ආර්ථික කොරිඩෝර් ගැන ජනතාව උසිගැන්නුවා. ඇමරිකාවට ඉඩම් අයිති වෙනවා කිව්වා. ඒ කොරිඩෝවේ පදිංචි ජනතාවගේ ගෙවල් කැඩෙනවා කිව්වා. දැන් බලමු එයාලා මොකද කියන්නේ කියලා.
කඩේ ගියපු අය කෝ...?
මොන ආණ්ඩුව තිබ්බත් මේවට ඉඩදෙන්න බැහැ
ඕකේ අවසානය කෙලවර වෙන්නේ කොහොමද කියලා මම කියන්නද? "රටට අහිතකර වගන්ති ඉවත් කොට, රජයේ නිර්දේශ මත පමණක් මේ ගිවිසුම අපි ක්‍රියාත්මක කරනවා" අන්න එහෙම කියපුවම, මෙලෝ හසරක් නොදැන තරගෙට හූ කියන මෝඩයෝ රැල ශබ්ද නගා අත්පුඩි ගසමින් එය අනුමත කොට හුරේ දමනවා?
සම්පූර්ණ ඇත්ත. ඕක ඔය විදියටම විමල් උන්නැහේම කියයි කිසි ලැජ්ජාවක් නැතුව... රාජපක්ෂලා නම් කියන්නේ කරන්නේ ගේන්නේ ඕනෙම කුණු ගොඩක් හොඳයි මෙයාලට...
ඔන්න දැන් බලාගන්න පුළුවන් කාගේ කාගේත් කෙරුවාව. මේ මගඩිය ගැන ජනතාව දැනුවත් කළේ නැහැ කිසිම වෙලාවක. අපේ රටේ සිතියම් ගැන ඇමරිකාවට තියෙන රුදාව මොකද්ද ? අනිත් එක එහෙම කරන්න රට මැදින් තීරුවක් වෙන් කරලා දෙන්න ඕනද ? එකිනෙකට පරස්පර හේතු දක්වල ජනතාව ගොනාට අන්දවන එක අවසන් කළ යුතුයි. මෙවැනි ආන්දෝලනාත්මක ව්‍යාපෘති වලට අත දාන්න කලින් තමන්ගේ හෘදසාක්ෂියට කතා කරලා බලන්න ඕන පාලකයෝ හැටියට මේ උගස් තියවෙන්නේ කාගේ කාගේත් දරුවන්ගේ අනාගතය කියලා. ලංකාවත් හයිටියක් කර ගන්නවද ? නැද්ද ? මේ ගැන හොදින් සොයා බලා තේරුම් ගන්න.
එදාට අපේ රට ලේ විලක් වෙනවා. මිට සම්බන්ධ ඔක්කොම දේශපාලුවන්ට සිදුවන දෙය බලාගන්න පුළුවනි. මේ රජය බලයට ගෙනාපු ඩුප්ලිකේට් අය මදි නොකියා ගුටිකනු නොඅනුමානය. හමුදාව යොදවා වැඩක් වෙන්නේ නැත. හමුදාව රට රැකගැනීමට මහජනයා සමග පෙරට එනු ඇත. එදින ගෝඨාභයගේ රජයේ අවසානය පමණක් නොව මැදමුලන බයියන්ගේ අවසානයත්ය.
විමලේ නිදිද දන්නෑ.....
ජනාධිපතිතුමනි, දැන් ඔබතුමා දෙන පිළිතුර කුමක්ද ? අපි ඔබ තුමාට ඡන්දය දුන්නේ රට බේරා ගැනීමටයි. අපගේ රට පාවාදෙන්න එපා. අපට මිලියන 480 ත් එපා. අපේ දුප්පත්කම අපිට හොදයි. අපි ඔබතුමා විශ්වාස කරන්නෙමු . එක් වරක් අපේ රට බේරා ගත් නායකයා ඔබයි. අපේ රට නිදහස් කර දෙනු මැනවි.