IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අපේ ජනපති කාර්යාලයට

(අංජුල මහික වීරරත්න)

මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීහු අද දින අධ්‍යයන චාරිකාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. 

ඔවුහු ජුනි 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අපේක්ෂා කරති. 

ඔවුන්ගේ මෙම අධ්‍යයන චාරිකාවේදි මූලික අවධානය යොමු වන ක්ෂේත්‍ර අතරට ලේඛනාගාර සහ වාර්තා නඩත්තු කිරීම හා සංරක්ෂණය, ගබඩා කළමනාකරණය, ඉන්වෙන්ටරි පාලනය සහ තොග සංරක්ෂණය ඇතුළත් වේ.

මෙම චාරිකාව අතරතුර ඔවුන් ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට නියමිතය.

මෙම අධ්‍යයන චාරිකාව සඳහා මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අට දෙනෙක් එක්ව සිටින අතර  ඔවුහු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා හමු වී අදහස් හුවමාරුවක නිරත වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අපේ ජනපති කාර්යාලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 163 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 369 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site