(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සහයෝගය මාලදිවයිනටත් ලබා දෙන්නැයි මාලදිවයින් රජය ඉල්ලීමක් කර තිබෙි.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළ මාලදිවයින් රජයේ අවධානයට යොමු වී ඇතැයි මෙරට නිල සංචාරයක නිරතව සිටින මාලදිවයිනේ කෘෂිකර්ම, ධීවර හා නාවික කටයුතු ඇමැති හුසේයින් රෂීඩ් හසන් මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේදී හුසෙයින් රෂීඩ් හසන් මහතා මෙම ඉල්ලීම කර තිබේ.
ශ්‍රී ලංකාවේ හරිත කුටි වල (Net House) සිදු කෙරෙන වගා සම්බන්ධව අවදානය යොමු කළ මාලදිවයින් අමාත්‍යවරයා එම තාක්ෂණය මාලදිවයිනටත් ලබා දෙන ලෙසත්, එමෙන්ම එරට පිරිසක් ඒ සඳහා පුහුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ලේසියි. අද ඉඳන් රසායනික පොහොර නවත්වලා හෙට ඉඳන් කාබනික පොහොර දාන්න. ඔක්කොම හරි.
නියමයි, අර පොහොර එපා කියලා රට විනාශ කළ ගොන්ටාව යවපල්ලා උපදෙස් දෙන්න.
කමිටුවක් පත් කරමුද? සභාපති - ගෝඨාභය සාමාජිකයන්, මහින්දානන්ද හොඳයි නේද?
මං මුලා වෙච්ච කෙනෙක්, හත් දවසක් තිස්සේ මං මුලා වෙච්ච කෙනෙකුගෙන් පාර අහනවා!
ලංකාවෙ එයට කැමැත්ත තියෙන අයටවත් උපදෙස් දෙන්න කෙනෙක් නැතුව මාලදිවයින සදහා දුන්නොත් ඊළඟට අපිට එලවලුත් එහෙම්ම ගන්නත් වේවි මට අහන්න ලැබුනා එලවලු වගාවක් කල ගොවියෙක් එයට ඇතිවූ රෝගයක් නිසා කෘෂිකර්ම නිළධාරින්ට කිව්වම ඇවිල්ලා ඔය වසම අහවල් වසමේ නිසා බැහැ කියලා ගියාලු.එකම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිළධාරින් මෙහෙම නම් මාලදිවයින සදහා උපදෙස් දුන්නත් ලංකාවෙ අයට නම් දෙයියන්ගේම පිහිටයි ඇමතිතුමා
ඇත්තටම මාලදිවයින් කාරයින්ට පයිත්තියන්ද මේ රටේ කෘෂිකර්මය බිංදුවට බස්සපු අපතයින්ගෙන් පුහුණුව ඉල්ලන්නේ?
ඔබලාටත් පිස්සු හැදිලා වගේ. මෙහේ අය කුරක්කන් ගෙන්වන්නෙත් පිටරටින්...
ඒ අයටත් කන්න නැතිවෙන හැඩක් තියෙන්නේ...!
අයියෝ මාලදිවයින..., අතීතයේදී නම් ශ්‍රී ලංකාව කෘෂිකර්මය අතින් ඉහළ මට්ටමක තිබුණා. ඒ නිසා මෙහෙන් උපදෙස් ගැනීමට පෙර වරක් සිතා බලන්න...
අපිටවත් හරියට කරගන්න බැරිකොට, අපි කොහොමද මාලදිවයිනට උදව් කරන්නේ? මාලදිවයින්වලට අබ සරණයි...
ඒ රටත් විනාස කරගන්න හදන්නේ. උගත්තු උපදෙස් දුන්නාට ලංකාවේ තීරණය ගන්නේ දේශපාලකයින්. මීට වඩා හොඳයි කාන්තාර තියෙන අරාබි රටකින් ඇහුවා නම් උපදෙස්. මොකද ඒ මිනිස්සු කාන්තාරේ වවලා රට ලස්සන කරලා දියුණු කරලා තියෙන්නේ...!
ගෝඨාභයව යවමු. එහෙත් කාලා විනාශ කරාට පස්සේ අපි මෙහෙන් එහාට කෑම යවමු. අපිට ඩොලර් ගේන්න මගක්...!
ඊශ්‍රායලයෙන් උදව් ලබාගන්න, ශ්‍රී ලංකාව මේ විෂය ගැන කිසිවක් දන්නේ නැත. ලංකාව තාම ඉගෙන ගන්නවා.
ඔන්න ඩොලර් රටට ගේන්න පුළුවන් වැඩක්. අර ගොටභය ලොක්කගේ බුද්ධ් බලකායයි, අර කාබනික වය්ද්‍යාවරයා, pohora ඇමති ඇතුළු කණ්ඩායම අරියනම් බඩුම තමයි මාස තුනෙන් රට ඩව්න්, සංචාරකයෝ ටික මෙහාට ගේන්න ගන්න පුළුවන්.