(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාලිගාකන්ද අධිකරණය ආසන්නයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී  වෙඩි තබා හය හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් කිරීම සහ ඇයගේ පියාට බරපතළ තුවාල සිදුකිරීම ට පැමිණි පුද්ගලයන්ට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

එම සැකකරුවන් සමග වෙඩික්කරු සහ යතුරුපැදිකරු සේදවත්ත ප්‍රදේශයේ සිට රැගෙන ගිය බව කියන මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය සහ ඉරක්කාමම් ප්‍රදේශයේ දී බහු බව පොලිසිය කියයි.

ඉකුත් මස 17 වැනි දින මෙම ඝාතනය සිදුකර තිබිණි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසිය වෙත භාර දී ඇත.