(මනෝප්‍රිය ගුණසේකර)
මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛණයක් කුරුටු ගෑවේ කවුරුන්ද? යන්න සෙවීමේ විමර්ශන මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට අද (07) බාර දුන්නාය.
මෙය ඉතාම සංකීර්ණ විමර්ශනයක් වන හෙයින් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව බාර අධ්‍යක්‍ෂ ශානී අබේසේකර මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදුවිය යුතු බව පෙන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්ණගත ‘මෝෂන් පොත’ ඇතුළු විමර්ශන වලට අවශ්‍ය විය හැකි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛණ මුද්‍රා කර සේප්පුවේ තැබීමටද නියම කළාය.
යුක්තිය පසිඳලීමේදී යම් අකටයුත්තක් වී ඇද්ද? යන්න සොයා බැලිය යුතු බවත් සිද්ධියේ සැකකරුවන්ට වුනත් අගතියක් නොවන ආකාරයෙන් විමර්ශණ සිදුවිය යුතු බවත් විමර්ශන කටයුතු රහස් පොලිසියට බාර දෙමින් මහෙස්ත්‍රාත්වරිය අවධාරණය කළාය.
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් නාරාහේන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂකවරයා විසින් අදාළ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාලිගාකන්දේ ලේඛණයක් කුරුටු ගෑම ගැන සොයන්න CIDයට
සෙනෙවිරත්න Monday, 07 July 2025 10:20 PM
මට කෙනෙක් කිව්ව පෞද්ගලික රෝහල් වල සුලබව කෙරෙන මේ වගේ වැරදීම්, හිතාමතා කරන අසාධාරණකම් මේ වගේ ඇදුනම මෙයාලාගේ රෝහල්වල පෙරකදෝරු රෑනත් එක්ක රෝහල් පාලකයෝ ගිහිල්ලා එක එක ගණන් කියල ඩීල් කරලා නඩුව අස්කරගන්න ලියවිලි අත්සන් ගන්න බවට. මෙතන මොනව උනාද දන්නෙ නැහැ. ඒත් ස්ථීර විනිසුරුතුමා නැති දවසක ඇක්ටින් විනිසුරු ඉන්න දවසේ මෝෂන් එකක් දාලා නියමිත දවසට කලින් නඩුව අරගෙන අගතියට පත් අය තෘප්තිමත් නොවන තීන්දුවක් දීපු එක ප්‍රශ්නයක් වෙලා ඒක නැවත නඩුව කැඳෙව්වාම නියමිත විනිසුරු මේ මොකද වෙලා තියෙන්නේ කියල බලනකොට මෝෂන් එකක් දාලා කලින් නඩුව අරගෙන මෝෂන් පොතේ සටහනත් කුරුටු ගාලා, මරු වැඩේ. කාට කොතැන වරද වුණත් ප්‍රයිවට් රෝහල් වලට වාසිවෙන තීන්දු නොදීම සඳහා නඩුව නැවත කැඳවූ ස්ථීර විනිසුරු තුමාට අපගේ උපහාරය. රෝහලට අම්මට සිරි වෙන තීන්දුවක් ලැබේවා...!
සෙනෙවිරත්න Monday, 07 July 2025 10:21 PM
පෞද්ගලික රෝහල් මාෆියාවටත් අත තබන්න ගරු ජනාධිපතිතුමනි. ඔබට අපට මොවුන් රැකීමට අවශ්‍ය නැත. ජනතාව සියල්ලට ඉහළින් ජයවේවා...!