IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මල් වියනෙන් - මල් පාවඩයෙන් අලංකාර වූ විහාරමහා දේවී උයන

 

කොළඹ විහාර මහා දෙවී උද්‍යානයේ ඇහැළ ගස් මේ දිනවල මලින් පිරී පවතී. උද්‍යානය පාළු ස්වභාවයක් ගත්තද ඉහළින් පිපී ඇති මල් සහ බිම වැටුණු මල් හේතුවෙන් උද්‍යානයේ ඉහළ  මල් වියනක් ලෙසත්, බිම මල් පාවඩයක් ලෙසත් දිස්වෙමින් නෙතට ගෙන එන්නේ ඉහමහත් සුවයකි.

මේ සුන්දරත්වය ලංකාදීප කැමරාවේ සටහන් වූ ආකාරයයි

ඡයාරූප - ශාන්ත රත්නායක



අදහස් (8)

මල් වියනෙන් - මල් පාවඩයෙන් අලංකාර වූ විහාරමහා දේවී උයන

Pradeep Wednesday, 06 May 2020 03:42 PM

මිනිසා අකර්මන්‍ය වන තරමට සොබා දහම හැඩවෙන අයුරු බලන්න. බොහොමයක් විනාශයන්ට මුල මිනිසා සහ ඔහුගේ ක්‍රියාකාරකම් නොවේද..? නමුත් මිනිසා කවදා නම් මේ සත්‍ය වටහා ගනීවිද..?

:       0       20

පුජා Wednesday, 06 May 2020 04:37 PM

කාව්‍යමය සිත් ඇත්තන්ගේ, සිත් උමතු කරවන, මනරම් දර්ශන.." ඔයාලා නැති උනාට කමක් නැහැ ... අපිට පුළුවන් මේ බංකුවල වාඩිවෙලා ගිමන් හරින්න." අන්තිම පින්තුරයේ දැක්වෙන ඇහැළ මල් එසේ සිතනවදෝයි සිතුනි මට...

:       0       36

janahitha Wednesday, 06 May 2020 05:48 PM

මගේ මව් රට මල් වලින්ම පිරේවා දේසපාලනය පසෙකලා බැලුවොත් මේ උද්‍යානයේ නීති විරෝදී වැඩ දුෂකයන් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පලවා හැර නවීකරණය කොට ඉතාමත්ම විනය ගරුක දැකුම් කළු තැනක් කලේ දැන් ඉන්න ජනපති ....

:       480       171

vipulaThursday, 07 May 2020 02:10 PM

මේ අදහසට ඩිස්ලයික් දාන කුහකයින් ඉන්නවනේ .

:       60       28

විජිත් Wednesday, 06 May 2020 10:17 PM

මේ ඡායාරූප පෙළ දැක්කම මට නිරායාසයෙන්ම සිහියට එනවා එඩ්වඩ් ජයකොඩි මහත්මයා සහ චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය ගැයූ සුන්දර ගීතයක්..." ලතා මඩුල්ලක් කතාකරනවා - සෙවනට එන්නකියා, මේ මල් උද්යානේ නවතිමු හැන්දෑවේ. වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා - බෑ නවතින්න කියා,... මේ මල් උද්යානේ - වෙන්වෙමු රෑ බෝවේ.." ඇත්තටම මේ ඇවිල්ලා තියෙන්නේ වසන්ත කාලය. එත් මේ වසන්තය වෙනස් එකක්. ලෝකයේ තියෙන හැම දෙයක්ම තමන්ට බෙදාගත් මිනිසා ප්‍රධාන සෘතු 4 ත් බෙදා ගත්තා තමන්ට ඕනා විදිහට. වසන්තය මිනිසුන්ට වසරකට වරක් ලැබෙන හොඳම කාලය. ශිත කාලයේ නිදාගත් ගස් කොලන් අතු ඉති විහිදුවා මලින් පලබරවෙන සුන්දරම කාලය. මේ කාලෙට බටහිර රටවල මිනිසුන් මහා රෑ වෙනකම් හිත මිතුරන් සමග ප්‍රීතියෙන් ගත කරනවා. ඒගොල්ලෝ හැමදමත්මහිතුවේ වසන්තය මිනිසුන්ට පමණයි කියලා. එත් මේ සැරේ මිනිසාගේ ඒ තියරිය වෙනස්කළා මින් පෙර කවදාවත් නුදුටු මාරක වයිරසයක් ඇවිල්ලා... අද මිනිසුන් ලොක් ඩවුන් වෙලා. මින් පෙර අත්දුටු සුන්දර වසන්තය ඈත සිට විඳිනවා. ඒත් සොබාදහම් අම්මා තමන්ගේ දරුවන් වන ..ගස් කොලන්, සතා සීපාවා ,හිරු එලිය, සුළඟ, ගංගා ..සමග නැවුම් වසන්තයක පහස ලබනවා. වසන්තය ලස්සනයි. එත් අද අපට ඈතයි...

:       0       65

විජිත් Thursday, 07 May 2020 07:32 AM

.." ඔයාලා නැති වුණාට කමක් නැහැ... අපිට පුළුවන් මේ බංකුවල වාඩිවෙලා ගිමන් හරින්න." අන්තිම පින්තුරයේ දැක්වෙන ඇහැළ මල් එසේ සිතනවදෝ... ....සොබාදහමේ ආශීර්වාදය නැතිව මිනිසාට මේ ලෝකයේ පැවැත්මක් නැත.

:       0       1

Shantha Qatar Thursday, 07 May 2020 07:39 AM

ඇහැළ මලින් ගස් පිරිලා - බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු පිරිලා - අද හැමතන හරි හැඩයි මොන තරම් බාධක ප්‍රශ්න ආවත් සොබා දහම පුරුදු රටාවට ජීවතය ගමන් කරවනවා. හිත නිවන අපූරු සිතුවම් පෙළක් .. ස්තුතියි ලංකාදීප.

:       0       0

Samitha Senaka Aluthgamage.(Japura Uni.) Thursday, 07 May 2020 02:08 PM

කහමල් වතින් සැරසී උඩු මල් වියනේ සුරලොව වගෙයි මනුලොව කහ මල් පිපුනේ හරිත වර්ණයෙන් ගහකොළ එළිය වුනේ සොබා සොඳුරු ගුණයට කවි මල් පිපුනේ

:       5       127

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1959 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1544 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site