
(විමුක්ති එස් රුද්‍රිගු)
මාලි රාජ්‍යයේ සිදු වූ බෝම්බයක් පිපිරීමකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඩුජාරික් පවසා තිබේ.එම හමුදා සාමාජිකයන් සිව් දෙනා සේවය කළ ටෙස්සාලිට් හි හමුදා කඳවුරට කිලෝ මීටර් 12 ක් පමණ වයඹ දෙසින් මෙම පිපිරීම සිදුව ඇත. පිපිරීම සිදුවන අවස්ථාවේදී ඔවුන් සන්නාහ සන්නද්ධ රථයක් තුළ සිට භාණ්ඩ ප්‍රවාහන රථ පෙළකට ආරක්ෂාව සපයමින් සිට ඇති බවත් ඩුජාරික් පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd