
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
යතුරුපැදියකින් පාසල වෙත ගමන් කරමින් සිටි ගුරුවරියක ගෙල පැළඳ සිටි රන් මාලය යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු කඩා ගැනීමට තැත් කළ අවස්ථාවේ ගුරුවරියම ඇය පැළඳ සිටි රන් මාලය කඩාගෙන දිවගොස් මාලය බේරා ගැනීමේ පුවතක් තිනියාවල පොලිසියෙන් වාර්තා වේ.
මෙම ගුරුවරිය යතුරුපැදිය පදවාගෙන පාසල වෙත ගමන් කරමින් සිටි අතරවාරයේ පැලවත්ත මාර්ගයේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකු යතුරු පැදියකින් පැමිණ මාර්ගය හරස් කර ගුරුවරිය ගමන් ගත් යතුරු පැදිය නතර කරගෙන ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියපැදියේ පැමිණි එක් අයකු ගුරුවරිය පැළඳ සිටි රන් මාලය කඩා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එම ගුරුවරිය ඇය පදවාගෙන ආ යතුරු පැදිය බිම පෙරළා දමා ඇය විසින්ම ගෙල පැළඳ සිටි රන් මාලය කඩාගෙන දිව යෑම නිසාකොල්ලකරුවන්ට රන් මාලය කඩාගෙන පලා යෑමට නොහැකි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී ගුරුවරිය උපක්‍රමශීලී ලෙස කටයුතු කර ඇති බව පොලීසිය පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ ගොල්ලොන්ට තවම තේරෙන්නේ නැද්ද මේ රත්තරන් මාල දාගෙන යන්න හොඳ කාලයක් නෙමෙයි මේ කියලා . මිනී දෙක දෙක මරලා ඉමි්ටේෂන් මාල පැහැරගන්නා කාලයක් මේ. හොරුත් දැන් අසරණ වෙලා ඉන්න කාලෙක ඕවා ගෙදරවත් තියාගෙන ඉන්න හොඳ කාලයක් නෙමෙයි මේ උදා වෙලා තියෙන්නේ මේ රටට . මේකට කියනවා කියන්නේ "ආසියාවේ ආශ්‍චාර්ය " ද කොහෙද mo හිතන්නේ.
මාල කොල්ලකරුවන්ට ගුරුවරියගෙන් අපූරු පාඩමක්" නෙමෙයි දාන්න තිබ්බේ "මාල කොල්ලකරුවන්ගෙන් ගුරුවරියට පාඩමක් කියලා මේ කාලේ ඕවා කරේ දාගෙන යනවා කියන්නේ මරුවා "සමග වාසේ "වගේ...!
අණ්ඩර දෙමළ මේවා. ගුරුවරිය එයාගේ යතුරු පැදිය පෙරැළගෙන දිව්වා කිව්වට මේ වෙන එකක්. ඉතින් යතුරු පැදියේ යතුරු අරන්ද ගුරුවරිය ගියේ...? නැතිනම් හොරුන්ගේ කල්ල මරේ, මාලේ වෙනුවට යතුරු පැදියක් නොමිලේ...