
(උපාලි රණවීර)
කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමකට කූට ලේඛන සැකසීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර දෙදෙනා ඇතුළු හය දෙනකුට එරෙහිව ඊයේ 27 ගම්පහ මහාධිකරණයේ අංක දෙක මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය අධි චෝදනා, ලබා දුන්නාය.
ඔවුන් සියලු දෙනාගේම විදේශ ගමන් බලපත්‍ර මහාධිකරණයට බාර දෙන ලෙස ද මෙහිදී නියෝග කළාය.
අධි චෝදනා බාරදීමෙන් අනතුරුව ඔවුන් හය දෙනා අමතර රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසද විනිසුරුවරිය නියෝග කළාය.
මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, ජයන්ත කබ්රාල්, මිල්රෝයි පෙරේරා හා සරත් කුමාර එදිරිසිංහ යන හය දෙනා මෙලෙස ඇපමත මුදා හරිනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd