අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කළ ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු බව කියන කමාන්ඩෝ සලින්ත  ලබන 12 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝගකළේය.

සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කර කරුණු දැක්වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩිතබා ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස කමාන්ඩෝ සලින්ත නම් කර ඇත.