
(ගයාන් සූරියආරච්චි)
නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 43 ක් වන ජී.ඩී. දුමින්ද ජගත් නැමැති උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මරණකරු මත්කුඩු පානයට ඇබ්බැහි වූ අයකු බවත් සැකකරු සමඟ මීට පෙර ආරවුලක් ඇති කරගෙන තිබූ බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සිද්ධිය වූ දින සැකකරු තවත් පිරිසක් සමඟ පැමිණ මරණකරුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර පලා ගොස් තිබූ බව පොලිසිය පවසයි.
නුගේගොඩ දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්. ජයමහ මහතාගේ උපදෙස් පරිදි මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd