IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට

(ගයාන් සූරියආරච්චි)

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 43 ක් වන ජී.ඩී. දුමින්ද ජගත් නැමැති උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මරණකරු මත්කුඩු පානයට ඇබ්බැහි වූ අයකු බවත් සැකකරු සමඟ මීට පෙර ආරවුලක් ඇති කරගෙන තිබූ බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සිද්ධිය වූ දින සැකකරු තවත් පිරිසක් සමඟ පැමිණ මරණකරුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර පලා ගොස් තිබූ බව පොලිසිය පවසයි.

නුගේගොඩ දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්. ජයමහ මහතාගේ උපදෙස් පරිදි මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site