
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල මූදුකටුව මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් සිව් දෙනකු අද සවස දිය රළකට ගසා ගෙන ගොස් ඇති අතර එයින් තිදෙනකු බේරා ගෙන ගැනිමට ධීවරයන් ඇතුළු පිරිසක් සමත්වි ඇති නමුත් එක් සිසුවකු මේ වන විටත් අතුරුදහන් වී ඇති බව මාරවිල මුලස්ථාන පොලිසිය කියයි.
නාත්තන්ඩිය ප්‍රදේශයෙ පාසලක සිසුන් සිව් දෙනකු දිය නෑම සදහා මාරවිල මූදුකටුව වෙරළ තිරයට පැමිණ ඉන් පසු මුහුදේ දීය නාමින් සිටියදී හදිසියෙ පැමිණි දැවැන්ත රළකට හසුව ගසා ගෙන ගොස් ඇති බව කියයි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ඒ ආසන්නයෙ සිටි ධීවයන් හා ප්‍රදේශවාසින් කඩිනමින් මැදිහත්වි සිසුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එහිදි දිය රළට ගසාගෙන යමින් සිටි සිසුන් සිව් දෙනාගෙන් තිදෙනකු බේරා ගෙන වෙරළට රැගෙන විත් ඇති නමුත් එක් සිසුවකු සොයා ගත හැකි වි නැති බව කියයි.
මේ වන විට අතුරුදහන් වු සිසුවා සොයා ධීවරයන් හා ප්‍රදේශවාසින් ධීවර යාත්‍රා යොදවමින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
88
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාරවිල මුහුදේ සිසුහු සිව් දෙනෙක් ගසාන යති:තුනක් බේරා ගැනේ