(අංජුල මහික වීරරත්න)
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
දුම්රිය ස්ථාන වල පොදු පහසුකම් ඉහළ නැංවීම, දුම්රිය ස්ථාන සුවපහසු ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම අරමුණු කර ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය මත දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ. විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
සමරු ඵලකය නිරාවරණය කරමින් මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර, එහි පාලක මැදිරිය ඇතුළු ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවට අනන්‍ය ‘රුහුණු කුමාරි’ නම් නව සිංහල පරිගණක අක්ෂරය හඳුන්වාදීමද මෙහිදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දුම්රිය ස්ථානයක් ලෙස සැලකෙන මරදාන දුම්රිය ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුම්රිය ස්ථාන අතරින් දෙවෙනි විශාලතම දුම්රිය ස්ථානය ලෙස සැලකේ. මෙහි පෞරාණිකත්වයට හානියක් නොවන පරිදි මෙම නවීකරණ කටයුතු සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් ආන්ඩු විවේචන නොකර මුන්ට කවදාවත් කතාවක් පවත්වන්න බැරිය
මහාපරිමාණ හොරකම් වන්චා දූෂන කරපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ උන් උන් හොරාකාලා බඩවඩා ගත්තා.හරිහමන් නායකයෝ ජනතාවගේ යහපත වෙනුවෙන් කරන සේවය දැක්කම අපේ රටේ හිටියේ ජනතාව රවට්ටපු ,ර්‍රීරී මාන්ස හූරගෙන කාපු ලේ මාපිල්ලු .