(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
ලබන වසරේ මාර්තු මාසය එළඹෙන තුරු බලා නොසිට මහ මැතිවරණයක් පවත්වන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ.
ඇඹිලිපිටිය බෝධිරාජ විහාස්ථානයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ කීහ.
“නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති නිර්බාධකව ඉදිරියට පවත්වාගෙන යාමට සහායෝගය අත්‍යවශ්‍යයි. වත්මන් රජයේ ඇමතිවරුන් පිරිසක් සියධූරවලින් ඉල්ලා අස්වීම අපි ඉතා අගය කර සලකනවා. ඒත් එක්කම වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ පූර්වාදර්ශය ගතයුතු බවයි අපේ හැඟීම.
ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී නව ජනාධිපතිවරයාට සිය කටයුතු කරගෙන යාමට විශ්වාසවන්න අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට අවස්ථාව ලබා දියයුතුයි.
අපි දැක්කා 2015 දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති වූ අවස්ථාවේ එයාට කැමති අගමැතිවරයෙක් කැබිනට් එකක් පත්කරගන්න අවස්ථාව දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් ආදර්ශය මේ අවස්ථාවේ ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොවුනොත් දේශපාලන අර්බුදයක්, අවුලක් අපිට නැවතත් දකින්නට ලැබෙයි.
පසුගිය වසර හතර තුළ අගමැති ජනපති එක්ව කටයුතු නොකළ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි බරපතල ප්‍රහාරයක් සිදුවුණේ.
දැන් ඉතින් ලබන මාර්තු වෙනකම් තවත් බලා නොසිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනාගේ එකඟත්වය ඇතිව පාර්ලිමේන්තුව විසිරුවා හැර නව ව්‍යාවස්ථාදායක සභාවක් ඇති කළ යුතුයි. ඒ නිසා ආත්මාර්ථකාමී නොවී පෞද්ගලික අභිමතාර්ථයන් ඉදිරියට නොදමා ලැබුණු පැහැදිලි ජනවරමට ගරු කොට ක්‍රියා කිරීම සියලුම මහජන නියෝජිතයන්ගේ වගකීමයි.
මේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක සිංහල බෞද්ධ පරාමාධිපත්යයේ ස්වරූපය පැහැදිලිව ඉදිරියට ඇවිත් තියනවා. මේරට සිංහල, බෞද්ධ යන සංකල්පයෙන් බැහැර කරන්නට ඉඩ නොදෙන බව ජනතාව සහතික කරලා තියනවා. ඒනිසා නව ජනාධිපතිවරයා ප්රමුඛ වගකිවයුත්තන් සිංහල බෞද්ධ ආකල්පය පෙරටු කරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. සිංහල බෞද්ධ ආධිපත්‍ය තුළ තමයි අනික් සියලුම ජනවර්ගවල අයිතිය සුරැකෙන්නේ යන කාරණය සියලුම දෙනාට අද පිළිගන්න වෙලා තියනවා. ඒක තමයි ඇත්ත.
එක්සත් ජාතික පක්ෂයට තවදුරටත් සජීවීව දේශපාලනය කිරීමට අවශ්‍ය නම් සිංහල බෞද්ධ සංකල්පය අනුමෝදන් විය යුතුයැයි අපි ඉතාමත් කරුණාවෙන් සිහිපත් කරනවා. ජනතා විමුක්ති පෙරමුණටත් අනාගතයක් ඕනෑනම් මේ කියන සිංහල බෞද්ධ අයිතිය කියන යථාර්ථය තේරුම් ගන්න වෙනවාය කියන එකත් අවබෝධ කරගන්න වෙනවාය කියන එකත් සිහිපත් කරනවා.
මේ රජයෙ වගකිවයුතු අය සිංහල බෞද්ධයා පීඩාවට ලක්කිරීමේ විපාක අද ඒය අත් විඳිනවා. ඒ ගැන කතා කළ යුතු නෑ. මේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක සිංහල බෞද්ධ අයිතිය තහවුරු වෙලා තියනවා.
අධිකරණයට, ජනතා පරමාධිපත්‍යයට, රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ට අසාධාරණයක් නොවෙන්න චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින යම් රණවිරුවෙක් ඇත්නම් ඒ චෝදනා ඉක්මණින් විමර්ශනය කරලා පියවරක් ගැනීම නව ජනාධිපතිවරයා කඩිනමින් කරයි කියලා අපි විශ්වාස කරනවා” යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණක් කියාගෙන තමන්ගේ රාජකාරිය කරගෙන ඉන්න. රට කරයි මේ කට්ටිය.... ආගම එපා කරවනවා.
දේශපාලනය ගිහියන් කරගනීවි... ඔබ වහන්සේ නිවනට උනන්දු වෙන්න.
ඉක්මන් මැතිවරණයකට ගොස් තුනෙන් දෙකේ බලයක් ලබා ගන්න උත්සාහ කළ යුතුයි.
මේ දැන් රටතුල විශාල ආර්ථික අරබුදයක් පවතින නිසා 2020 අගේස්තු වෙනකන් කාලය තියෙන 2020 අගෝස්තු මහා මැතිවරණය තියන්න .
අගෝස්තු 2020 මහා මැතිවරණය තියන්න ඉතා හොදයි
මේ දැන් රටතුළ විශාල ආර්ථික අරබුදයක් පවතින විශාල ණය කන්දක් පවතින නිසා 2020 අගෝස්තු වෙනකන් කාලය තියෙන නිසා 2020 අගෝස්තු මහා මැතිවරණය තියන්න..
අපි කියන්නෙත් හැකි ඉක්මණින් මහමැතිවරණයකට යා යුතුයි. මේ ගැම්මෙන්ම හොඳ පිරිසක් මැතිවරණයට ඉදිරිපත් කර ශක්තිමත් සිංහල ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. ඒ සඳහා දකුණේ සියලුම සිංහලයින්ගේ දායකත්වය ලබා ගත යුතුයි.
අනෙකුත් සියලුම පක්ෂ බයයි දැන්ම මහමැතිවරණයකට යන්න. ඊට හේතුව ඔවුන් කැමති නැහැ ශක්තිමත් ආණ්ඩුවක් හැදෙනවට. විශේෂයෙන්ම සුළුජාතික පක්ෂ. ඒ නිසා ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් දකුණේ ප්රතාපවත් සිංහ ජන්දවලින් උගත්, බුද්ධිමත් අලුත් මොළ ටිකක් පාර්ලිමේන්තුවට යවන්න අපට ඉදිරිපත් කරන්න කියා නැවත නැවතත් අපේ ජනාධිපතිතුමන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.
සල්ලි ගෙනත් දුන්නා නම් හෙටම තියනවා ඡන්දෙ...
අනේ හාමුදුරුවනේ ඔය කියන සිංහල, බෞද්ධ පරමාධිපත්‍යය නිකම්ම නිකම් සටන් පාඨයක් විතරයි.., කියන එක ඔබවහන්සේට තේරෙයි. ඊළඟ ඇමැති මණ්ඩලේ සංයුතිය දැක්කාම, ඔක්කොම පක්ෂ සිංහල බෞද්ධ සටන් පාඨය බදාගත්තාම රාජපක්සලා බලයට එන්නේ කොහොමද? අනික එහෙම වුණාම ආගමික සහ වාර්ගික ත්‍රස්තයින්ට නිකම්ම ජාත්‍යන්තර අනුකම්පාව සහයෝගය ලැබෙනවා.. එ්කෙන් වෙන්නේ රට තවත් යුද්ධයකට තල්ලු වීමයි.
සුළුතර සුළුජාතික අන්තවාදී බහුතරයක් නියෝජනය කරන ආණ්ඩුව ජනතා මතයට ගරු කරමින් වහා ගෙදර යා යුතුයි. නැත්තම් ජනතාව පාරට බසීවි...!!
ඕමල්පේ සෝභිත හිමියන්ගේ අනුශාසනාව ඉතා නිවැරදියි. නව ජනාධිපති ඇතුළු සියලු වැසියන් උන්වහන්සේගේ ප්‍රකාශය සිහියේ තබාගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. රටට අයහපතක් වන සෑම අවස්ථාවකදීම රට වෙනුවෙන් පෙරට ඇවිත් රට බේරා ගත්තේ මහා සංඝරත්නයයි. මේ අවස්ථාවේදීත් රට වෙනුවෙන් පෙරට ඇවිත් මේ වෙනස ඇති කරපු මහා සංඝ රත්නයට අපගේ නමස්කාරය..!!!
2015 මහින්දට පාර්ලිමේන්තුවෙ 160 වැඩි මන්ත්‍රී මණ්ඩලයක් හිටියා නේද, එදා ඔය කියන සිංහල බෞද්ධ රජය හදන්න තිබුනනෙ, නිකන් බොරුවට මිනිසුන් බේද බින්න කරන්න එපා. මේ වෙන දේවල් නිසා අපිට ආගම එපා වෙනවා.
සංහිඳියාව කොහෙද තියෙන්නේ? ජාතීන් අතර සංහිඳියාව ඇති කරන්න ධර්මය දේශනා කරන්න.
මේ සංඝයා වහන්සේලා කීපනමක් හැම ආණ්ඩුවකටම පැනලා වැඩ අවුල් කරනවා... මෙයාලට ටිකක් පස්සට වෙලා ඉන්න.. අනුශාසනා කරන්න ගරු සංඝනායක ස්වාමීනී...,
ඔබ වහන්සේ සමාජයට සහ පාලක පක්ෂයට දෙන අවවාදය සහ පණිවිඩය ඉතාම හොඳයි.
එසේමයි ස්වාමීනි
නියමයි.. කකුලෙන් අදින අය එළවන්න හොඳ ක්‍රමයක්..
මහා මැතිවරණයක් පවත්වා එජාපෙට විරුද්ද පක්ෂය ඉතිරි කරන්න නැතිනම් විරුද්ද පක්ෂ නායකයා වෙන්නේ සම්පන්තන්. 1977 කල ඒ මෝඩ වැඩේ නැවත අපි කල යුතු නැත.
දැන් ඉතින් ගෝට ආවනේ, මෙයාකියන විධියට වැඩකරන එකයි ඇත්තේ.
හාමුදුරුවනේ දැන් උවමනදේ වුණා දැන් රට කරන එක තියෙන්නේ මොවුන්ගේ අතේ. හාමුදුරුවන් ප්‍රශ්නයක් කරගන්න එපා ඡන්ද ගැන. මේවගේ දේවල් හිතට එන්නේ ආශාව වැඩි වුනාම ක්‍රෝධය පහල වුනාම... මෛත්‍රී භාවනාව කරන්න. අරාමවලත් ඉන්නවා නහයට අහන්නේ නැති පැවිදි කට්ටිය. ඒ අය යහමගට ගන්න බලන්න. වෙන රටවලත් හාමුදුරුවරුන් දේශපාලනය කරනවද ? ලංකාවේ හැම පන්සලකම වගේ දේශපාලනය මේ කරන දේ වැරදි කියල වැටහෙන්නේ නැද්ද ?
මේවා බොරු බණ. පාර්ලිමේන්තුවේ ඉන්න 225 එකතු වෙලා හදපු ව්‍යවස්ථාව වෙනස් නොකර ඡන්දයකට යන්න නොහැකි බව හාමුදුරුවෝ දන්නේ නැහැ. ඒ උනාට උන්වහන්සේත් කලක් රටට නීති හදන තැන වැඩ හිටියා.