උද්ධමනය, පසුගිය පෙබරවාරි මාසයේ පැවති සියයට 4.2 සිට මාර්තු මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේය.
මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේ දී පැවති සියයට 6.9 සිට පසුගිය මාර්තු මාසයේ දී සියයට 8.8 දක්වා ඉහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේ පැවති සියයට 1.9 සිට මාර්තු මාසයේ දී සියයට 2.0 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස පසුගිය පෙබරවාරි මාසයේ පැවති සියයට 5.5සිට මාර්තු මාසයේ දී සියයට 5.3 දක්වා පහළ ගොස් තිබේ.
පසුගිය මාර්තු මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට -0.48ක් ලෙස වාර්තා වී ඇති අතර, ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල සිදු වූ පහළ යෑම මේ සඳහා හේතු වී තිබේ. තවද, මාර්තු මාසයේ දී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට -0.63ක් සහ සියයට 0.16ක් ලෙස වාර්තා වී ඇත. ඒ අනුව පසුගිය මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන් එළවළු, අමු මිරිස් සහ රතු ලූනු මිල ගණන්වල පහළ යෑමක් දක්නට ලැබුණි. මේ අතර, ප්‍රධාන වශයෙන්, ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩයේ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල ඉහළ යෑමක් පසුගිය මාර්තු මාසයේ දී වාර්තා වී තිබේ.
වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය පෙබරවාරි මාසයේ දී පැවති සියයට 4.1 සිට මාර්තු මාසයේ දී සියයට 4.3 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය පෙබරවාරි මාසයේ දී පැවති සියයට 4.2 සිට මාර්තු මාසයේ දී සියයට 4.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාර්තු උද්ධමනය ඉහළට