IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මැරුණු දරුවා බලහත්කාරයෙන් රැගෙන ගිහින්

(ආර්.එෆ්.එම්.සුහෙල්)

මිය ගිය දරුවා බලහත්කාරයෙන් රෝහලෙන් රැගෙන ගිය පියා හා මිය ගිය දරුවාට සිදු කළේ කුමක්ද පිළිබඳව කඩිනම් විමර්ශනයක් නුවරඑළිය පොලිසිය සිදු කරන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි .

නුවරඑළිය නගරය‍ෙ සංචාරයකට පැමිණි අවස්ථාවක හිටිහැටියේ දරුවාට සිහිය නැතිවූ බව පවසමින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට වයස අවුරුදු 14ක් වූ පිරිමි දරුවකු ඔහුගේ පියා යැයි කියා ගත් පුද්ගලකු විසින් ඇතුළත් කිරීමත් සමඟ හදිසි තත්වය සලකා වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම සදහා අපේක්ෂා කරන අවස්ථාවේදී දරුවා මිය ගිය බව දරුවා රැගෙන ආ පුද්ගලයාට පවසා ඇත ,

වෛද්‍යවරුන් එසේ පැවසීමෙන් උරණ වූ එම පුද්ගලයා මීට කලිනුත් මගේ දරුවාට මෙහෙම කලන්තයක් වගේ ඇවිත් දරුවා මැරුණා කියලා වෛද්‍යවරුන් මාව බය කරා මම පෞද්ගලික රෝහලට එක්කන් ගිහින් දරුවා බේරාගන්නම් යනුවෙන් කේන්තියෙන් පවසා දරුවා හදිසියෙන් දරුවා රෝහලට ගෙනා බස් රථයේම දමා රැගෙන යාමට එම පුද්ගලයා කටයුතු කළ බව පවසා දරුවා පරික්ෂා කළ වෛද්‍යවරුන් නුවරඑළිය පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බව නුවරඑළියෙ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි .

 



අදහස් (1)

මැරුණු දරුවා බලහත්කාරයෙන් රැගෙන ගිහින්

කමල් Monday, 29 May 2023 06:03 AM

පියා නිවැරැදි විය හැකියි.

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site