
(අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම සම්බන්ධයෙන් තවම අවසන් එකඟතාවයකට පැමිණ නැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ රටම එකට මෙහෙයුම් සභාවේදී සාකච්ඡා වීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.
මත්ද්‍රව්‍ය ප්රශ්නයේ බරපතලකම පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඇතැම් පාර්ශවයන් වෙතින් මරණ දඬුවම සම්බන්ධ යෝජනා පැමිණි නමුත් අවසන් නිගමනයකට නොපැමිණි බව නලින්ද ජයතිස්ස මහතා එහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd