IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෙරටට නෑකම් කියන සිසුවකු ඉතාලි සිසුවියක මරා දමලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රෝමයේ නිවාස සංකීර්ණයක් තුළ දී ඉතාලි ජාතික 17 හැවිරිදි  පාසල් සිසුවියක් ඝාතනය කර ඇගේ සිරුර කසල බැහැර කිරීමට යොදා ගන්නා ඉටි බෑගයක් තුළ සඟවා පොළියත් මත තබාගෙන තල්ලු කරගෙන යමින් සිටි බව කියන එම වයසේම පසුවන එරට සම්භවයක් ඇති ශ්‍රී ලාංකික පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ මාරියා මිෂෙල් කෝසෝ නැමැති පාසැල් පාසල් සිසුවියකි.

කසල බැහැර කරන ස්ථානයකට ගොස් සිරුර සැඟවීම සඳහා මෙසේ රැගෙන යමින් සිට බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මෙම සැකකාර සිසුවා ශ්‍රී ලාංකික අඹුසැමි යුවළකට ඉතාලිය දී උපත ලැබූ ඔවුන්ගේ පවුලේ සිටි එක ම දරුවා ය.

ඉතාලි ජාතික සිසුවියගේ පියාට නිවාස කිහිපයක්ම තිබෙන අතර ඇය ඝාතනය කර ඇත්තේ මින් එක නිවාසයක් තුළදීය.

මෙම සිසුවා හා මෙම සිසුවිය අතර කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් සිසුවිය එම සම්බන්ධතාවය නතර කිරීම නිසා ඇතිවූ වේදනාව මට මෙවැන්නක් කර තිබෙන බවත් ඉතාලියේ නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන එමිල් රෝහාන් මහතා එරටේ සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ලංකාදීපයට පැවැසීය.

ඉතාලි ජාතික සිසුවියගේ සිරුරේ පිහි ඇනුම් පහරවල් හයක් පමණ දක්නට තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

රෝමයේ, ප්‍රිමවිල් (primavlle) ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක දෙවැනි මහලේ නිවසක් තුළදී මෙම 17 හැවිරිදි ඉතාලි ජාතික සිසුවියකට පිහියකින් ඇන ඉකුත් 28 වෙනිදා ඝාතනය කර ඇත.

ට්‍රොලියක් තල්ලු කරගෙන යන මෙම හුරුබුහුටි තරුණයා ගැන ඇති වූ සැකයක් මත ඉතාලි ජාතිකයකු එම තරුණයා ගෙන් ප්‍රශ්න කර ඇත.

ලොකු මාළු කූරි කිහිප දෙනකු රැගෙන යන බව මෙම ශ්‍රී ලාංකික සිසුවා පවසා ඇතත්එම ඉතාලි ජාතිකයා මෙම තරුණයා ගැන ඒ අසල අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකුට දැනුම් දී තිබේ.

පොලිස් නිලධාරියා පැමිණ පරීක්ෂාකර බැලීමේදි කසල බැහැර කරන උරය තුළ බහා තිබූ මෙම දාහත් හැවිරිදි පාසල් සිසුවියගේ සිරුර දැකගැනීමට ලැබී ඇත.

ඉතාලි පොලිස් නිලධාරියා පොලිතීන් උරය පරීක්ෂාකර බලන අතර අතරවාරයේ දී සැකකාර සිසුවා පලාගොස් තිබූ අතර පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉතාලි සිසුවිය ඝාතනය කිරීමට යොදා ගත් බවට පැවසෙන පිහියක්ද සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු අනුව පෙරේදා 30 වෙනිදා ඉතාලි පොලිසිය විසින් සොයාගනු ලැබීය.

ඝාතනයට ලක් වූ සිසුවියගේ පියා ආබාධිතයකු නිසා ඔහු කිහිලිකරු ආධාරයෙන් ගමන් කරන අයකු බවත් දියණියගේ ඝාතනය අසා ඔහු සිද්ධිය වූ ස්ථානයට පැමිණ වේදනාව දරා ගත නොහැකිව හඬා වැටෙන ආකාරය දක්නට ලැබුණු බවත් රන්ජන් මහතා සඳහන් කරයි.

සැකකාර සිසුවාගේ මව සහ පියා වෙන්නප්පුව, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි අය වෙති.

සැකකාර සිසුවා ඉතාලියේ උපත ලබා ඇති නිසා ඔහුට එරට පුරවැසිභාවය ලැබී ඇත.

දියණිය සමග මෙම සිසුවා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව තමා දැන සිටි බවත් ඔහු ඉතා හොඳ දරුවකු බවඇයගේ මව තමා සමග පැවසූ බව එමිල් රෝහාන් මහතා කීය.

 



අදහස් (6)

මෙරටට නෑකම් කියන සිසුවකු ඉතාලි සිසුවියක මරා දමලා

Don perea Saturday, 01 July 2023 12:08 AM

මේඩ් ඉන් ශ්‍රී ලංකා...

:       1       7

priya Saturday, 01 July 2023 06:07 AM

දෙමව්පියෝ මේ සම්බන්ධයට විරුද්ධ නොවුණේ ගෙවල් පුතාට ලබාගැනීමට හැකි වේවියයි යන බලාපොරොත්තුව නිසා විය හැකියි...

:       4       6

ලුම්බිණි Saturday, 01 July 2023 06:58 AM

ඇයි ලංකාවේ දෙමවුපියන්ගේ ළමයෙක් කියන්න බැරිද?

:       2       7

ආධිත්‍ය පී. Saturday, 01 July 2023 07:20 AM

හොරාගේ අම්මගෙන් පේන අහලා...!

:       2       5

නන්දන පනා-මිලානෝ Saturday, 01 July 2023 10:56 AM

වෙන්නප්පුවේ..?

:       0       9

prasanna Saturday, 01 July 2023 11:42 AM

ලංකාවේ සිදුවන කාන්තා ඝාතන රැල්ල ඉතාලියටත් ගිහින්...!

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site