IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෙරට තරුණයෝ 12ක් පුහුණුවකට ජපානයට

(අංජුල මහික වීරරත්න)

ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකිකයන් දොලොස් දෙනකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

එම පුහුණුලාභීන් අද(31) දින ජපානය බලා පිටත්ව යෑමට නියමිතය.

මෙම පිරිස ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යන 34 වන කණ්ඩායම වන අතර, මෙම කණ්ඩායමට සාත්තු සේවා පුහුණු ලාභීන් 8 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ලාභීන් 4 දෙනෙකු අයත් වේ.

ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර 2017 වර්ෂයේ ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් ජපානය වෙත යොමුකරන අතර, මේ වන විට පුහුණු ලාභීන් 350ට අධික පිරිසක් තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇත. නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින්,ව්‍යවසායකයින් කිරිමේ වැඩපිළිවෙලක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවතින බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

 



අදහස් (1)

මෙරට තරුණයෝ 12ක් පුහුණුවකට ජපානයට

පිනා Thursday, 01 June 2023 07:07 AM

රට වෙනුවෙන් ඩොලර් ශත පහක් උපයලා නැති දේශපාලන නිකමෙක් ඉන්න හැටි ඉස්සරහට වෙලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site