
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
පෙට්‍රල් තොගයක් රැගත් බවුසරයක් මීරිගම දංඕවිට මාර්ගයේ හලුගම කන්දේදී අද 23දහවල් අනතුරට පත් වී ඇතැයි මිරිගම පොලිසිය කියයි.
මුතුරාජවෙල සිට පේරාදෙණිය බලා මෙම ඉන්ධන තොගය ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර එහි පෙට්‍රල් ලීටර් 33600 ඇතැයි පොලීසිය සඳහන් කරයි.
හලුගම කන්ද මුදුනේ දී බවුසරය එක්වරම පිටුපසට ධාවනය වීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත
බවුසරයේ පෙරළීමෙන් පසු ගලා ගිය පෙට්‍රල් ඒ අවස්ථාවේ මහ මග ගමන් ගනිමින් සිටි පිරිස් විසින් එකතු කරගෙන ඇති බව ද පොලිසිය පවසයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd