(ඩයනා උදයංගනී)
මාර්ග නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීම වෙනුවෙන් අරමුදලක් ඇතිකිරීමට යෝජනා වී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (7) පැවසීය.
මේ සඳහා රජයෙන් රුපියල් කෝටි 10ක් ලබාදෙන බවත්, මාර්ග භාවිතා කරන අයගෙන් ඉන්ධන හරහා හෝ යම් මුදලක් ලබාගෙන එම අරමුදලට බැර කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ණය ගැනීම හා මුදල් අච්චුගැසීම කළ නොහැකි නිසා රට පුරා මාර්ග නඩත්තු කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුව ඇතැයි ද ඇමතිවරයා කීවේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා කියන දෙයක් තමයි අපි ගෙවන්නම් පොල් බූරුවා
මාර්ග නඩත්තුව සඳහා වෙනම අයකිරීම් කරනවා නම් අයකරන අධික බදුවලින් කරන්නේ කුමක්ද?
එතකොට ඔය ආදායම් බලපත්‍රවලින් එන මුදල් මොනවටද?
මාර්ග භාවිතා කිරීම සදහා තමයි වාර්ෂිකව ආදායම් බලපත්‍ර ගාස්තුවක් අයකරන්නෙ.නුඹලා දුම් සහතිකයට අමතරව කාබන් බද්ද කියලා එකක් ගැහුවා වගේමයි ආදායම් බලපත්‍ර ගාස්තුව මාර්ගය පාවිච්චිය වෙනුවෙන් අයකරද්දී මාර්ග නඩත්තු ගාස්තුවක් අයකිරීමත් කියලා කියන්න පුළුවන් මෝඩ මිනිසුනේ නුඹලාට ඔය මෝඩ උපදෙස් දෙන තොපේ අවසානය ප්‍රාර්ථනා කරන උපදේශකලා කවුද කියලා කියන්න බැරිද ඇත්තටම උපදේශකලා කියන දෙයම පිළිගන්නේ නුඹලාට මොළයක් ඇත්තෙම නැද්ද
වාහන අයිති මිනිස්සු වාහනයක් ගෙනෙනකොට 200% බදු ගෙවනවා, වාර්ෂිකව වාහන මිලියන ගණනක් ආදායම් බලපත්‍ර ගන්නවා ඒවායින් රුඉපියල් බිලියන ගානක් රජයට ලැබෙනවා.වාහන රක්ෂණ ගාස්තු වලට වැට් ,හා වෙනත් බදු ඇතුලත් වෙනවා. පෙට්රෝල් ,ඩීසල් වල මිල වගේ 3න් ගුණයක් විතර බදු ගෙවනවා. මේ ලැබෙන බදු මුදල් වලින් කොටසක් මාර්ග ආරක්ෂාවට ,නඩත්තුවට වෙන් කරන්න බැරි මොකද. ??? අපේ පාරවල් කන්නේ CEB සහ ජල සම්පාදනෙන්. 138 පාරේ හැව්ලොක් හරිය අව්රුද්දට 3න් පාරක් විතර කාපට් කරනවා, ආයේ කපනවා ආයේ කාපට් කරනව. මේ වගේ තමයි බොහෝ ප්‍රදේශ වල පාරවල්. ඒ වෙනුවෙන් යන ඩොලර් ටික හොයන්නේ කවුද ?
වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු, වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තු, සහ ඉන්ධන සඳහා ගෙවන බදු මුදල් වාහන හිමියන් ගෙවන්නෙ පාරවල් නඩත්තු කරන්න එක්ක තමයි. වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව අයකරන්නෙ මොකටද කියලා ඇමතිට පැහැදිලි කරන්න පුළුවන් ද?
තෝ මේ දක්වා අරගත්තු අල්ලස් පාගා දූෂණ සේරම එකතු කෙරුවොතින් ,ලංකාවේ විතරක් නෙමෙයි මුළු ඉන්දියාවේම තියන පාරවල් නඩත්තු කරන්නට ඇති තරමක මුදල් තෝ ගිලලා ඇත .ඒවායින් නඩත්තු කරපිය
අහ්... ඔය තියෙන්නේ ටිකිරි මොළ පොජ්ජ.