(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර නගරයේ තිබූ දැවැන්ත මාර ගසක් වඩුගඩපිටිය වීදියට කඩා වැටීම හේතුවෙන් එහි මග දෙපස නවතා තිබූ යතුරුපැදි දාහයකට අධික ප්‍රමාණයකට බරපතළ හානි සිදු විය .

පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ගස කඩා වැටී තිබූ අතර ඉන් කිසිදු පුද්ගලයකුට හානියක් සිදුව නොතිබුණි .

මහනුවර නාගරික ගිනි නිවන ඒකකය, පොලීසිය සහ ජනතාව එක්ව ගස ඉවත් කොට මාර්ගය නැවත විවෘත කිරීමට කටයුතු කොට තිබුණි .