(ළහිරු හර්ෂණ)

කොළඹ මියුසියස් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 2022 - 2023 වසර තුළ දී විශිෂ්ට කුසලතා දැක්වූ  ශිෂ්‍යාවන් රාශියක් මෙහිදී ඇගයීමට පාත්‍රවූ අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන තාක්ෂණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිරෝනිකා ප්‍රියන්ති කරුණානායක මහත්මිය සහභාගි වූවාය.
මෙම අවස්ථාවට මියුසියස් විද්‍යාලයේ සභාපති අජිත් ද සොයිසා මහතා, විද්‍යාලය විදුහල්පතිනිය ශෝභා සුමනසේකර මහත්මිය ඇතුළුපිරිසක් ද එක්ව සිටියහ.