IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මියන්මාරයේ හිර වූ ලාංකිකයන් බේරා ගන්න සාකච්ඡාවක්

(අංජුල මහික වීරරත්න)

මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන්  නිදහස් කර ගැනීම  සම්බන්ධයෙන්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මියන්මාර  තානාපතිනී මාලර් තන් ටයික්  (Marlar Than Htaik ) මහත්මිය සමඟ  සාකච්ඡා කළේය.

ජනපති සහ මියන්මාර තානාපති අතර හමුව ජනාධිපති කාර්යාලයේදී අද (25) පෙරවරුවේ සිදු විය.

ශ්‍රී ලංකාව සහ මින්මාරය අතර පවතින වසර 75ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සහ දිගුකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට මියන්මාර රජය කැප වී කටයුතු කරන බව තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය. 

කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර  සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම ද මෙහිදී මාලර් තාන් ටයික් මහත්මිය  පෙන්වා දුන්නාය. 

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ උපදේශකවරුන් වන ලෙයී ඊ වින් (Lei Yi Win), තෙට් ෂෝ ටෝ ( Thet Zaw Toe) යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



අදහස් (0)

මියන්මාරයේ හිර වූ ලාංකිකයන් බේරා ගන්න සාකච්ඡාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site