IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


මෙම පාලනය පිටු දැකීමට හැමෝක එක් විය යුතුයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ දෙනගම යසන්ත ආරියසේන)

මේ රටේ අසංවේදී අත්තනෝමතික රනිල් වික්‍රමසිංහ පාලනය පිටු දැකීම සඳහා සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක ධජයක් යටතේ ඒකරාශී විය යුතුයි. තක්කඩින්ගේ සහ චෞරයන්ගේ ග්‍රහණයට හසුවෙලා දූෂිත වලව් වලින් වට වෙලා ජරාජීර්ණ වෙච්ච මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අප ඒකාන්තයෙන්ම කටයුතු කරනවා, යැයි නිදහස් ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාතර තිහගොඩදී  පැවැසීය.

නිදහස් ජනතා සභාවේ පළමු ආසන බලමණ්ඩල රැස්වීම ලෙස කඹුරුපිටිය ආසන බල මණ්‍ඩල රැස්වීම පෙරේදා 20 වැනිදා මාතර තිහගොඩ සියෙලි උත්සව ශාලාවේදී පැවැත්වුණි.

එහිදී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවැසීය.

සියළු පරස්පරයන් පසෙකලා 2022 කොහොමද ප්‍රභූන් එකතුවුනේ. එකිනෙකාට හොරා කියාගන්නා නිල් පාට හොරු කොළපාට හොරු කියල බැනගත්තා හැබැයි මේ නිල්පාට, කොළ පාට, කුරහන් පාට හොරු ඔක්කොම එක දේශපාලන අරමුණක් වෙනුවෙන් එකතු වුණා. ඔවුන්ගේ අනාගතයට අනුව ඔවුන් නිවැරදියි. එහි ප්‍රතිඵලය වුනේ රට තුළ අත්තනෝමතික පාලනයක් ඇතිවීමයි.

ජාතික සම්පත්, ජාතික ආරක්ෂාවට බලපාන ටෙලිකොම් වැනි ආයතන විදේශකරණය කරන ආකාරය මෙහිදී කියවුණා. අසංවේදී අත්තනෝමතික රනිල් වික්‍රමසිංහ පාලනය පිටු දැකීම සඳහා සියලු ප්‍රජාතන්ත්‍රීය බලවේග එක ධජයක් යටතේ ඒකරාශීවිය යුතුයි.

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ආර්ථිකය මත පදනම් වෙච්ච දරුවන්ගේ අනාගතය අධ්‍යාපනය මත පදනම් වෙච්ච මොන වර්ණයේ දේශපාලන චෞරටන්ටවත් මේ බිම මිනිසුන් නැවත රවටන්න ඉඩ දෙන්නේ නැති පාලනයක් ඇති කළ යුතුයි.

හොරා කෑව කියල සෑම මැතිවරණයකම කෑගහල කියනවා. හොරා කාපු ධනය නැවත රාජ්‍ය භාණ්ඩාගාරයට ගේන ආකාරයේ ශිෂ්ටසම්පන්න නීතිගරුක රාජ්‍ය පාලනයක් සහිත දේශපාලන වාතාවරණයක් ගොඩ නැගිය යුතුයි. ඒක තනි පුද්ගලයකුට කණ්ඩායමකට කළ හැකි දෙයක් නොවෙයි. අප ගොඩනගන පුළුල් සංධානය ඇමතිකම්, නියෝජ්‍ය ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් හෝ තනතුරු ගන්නා සංධානයක් නොවිය යුතුයි.

රට වෙනුවෙන් නිවැරදි සංධානයක් හදාගන්න අවශ්‍ය නම් අඩියක් දෙකක්  පස්සට ගන්න අප සූදානම්. මේ රටේ අනාගතය වෙනුවෙන් අපි පාලම් බාස් උන්නැහෙගේ රාජකාරිය සූදානම්. වසර 75 ක් කාලකන්නි දේශපාලකයන් විසින් පැහැරගත් ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් නොකිලිටි දේශපාලනයක් මේ රටේ ස්ථාපිත කිරීමට අප කැපවෙනවා. නිල්වලාවේ ඓතිහාසික දේශපාලන මුද්‍රාව මේ රටේ පැළපදියම් කරන්නට ඒ වෙනුවෙන් පෙරගමන්කරුවන් කරන්නට ශක්තිය ලැබේවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත්, වෛද්‍ය තිලක් රාජපක්ෂ, වීරසුමන වීරසිංහ, කේ.පී.එස්. කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති, ලලිත් එල්ලාවල, වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුද සම්මේලනය ඇමැතූහ.

කිරින්ද, පුහුල්වැල්ල, කඹුරුපිටිය, තිහගොඩ යන ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයෝ සහ විශාල ජනතාවක් මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.

ඩලස් අලහප්පෙරුම සභාව ඇමැතූ අයුරු සහ සහභාගී වී සිටි පිරිසෙන් කොටසක් මෙහි වෙති.



අදහස් (5)

මෙම පාලනය පිටු දැකීමට හැමෝක එක් විය යුතුයි

pj Tuesday, 22 August 2023 05:50 AM

"අප ගොඩනගන පුළුල් සංධානය ඇමතිකම්, නියෝජ්‍ය ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් හෝ තනතුරු ගන්නා සංධානයක් නොවිය යුතුයි." අර මොබයිල් ෆෝන් එකක් සමඟ සිටින කෙනා එදා JVP එකෙන් පැන්නෙ තනතුරු ගන්න නොවෙයිද? බලාගෙන !

:       1       1

LGP. JATHUNARACHCHI. Tuesday, 29 August 2023 09:19 PM

කා සමග ද?

:       0       1

ashok Wednesday, 30 August 2023 09:52 AM

Jvp එකත් එක්ක නම් ගමනක්ම නෑ. දැන්ම ඔබග‍ේ ගමනට වැට කඩ‍ොලු දාගන්නෙ නැතුව ඒව ඉවකත්කර ගන්න.

:       0       0

Sampath Wednesday, 30 August 2023 07:10 PM

ඔබලා සමග ගමන් යෑමට වඩා මුහුදේ පැනීම හොඳ විය හැකියි

:       0       1

Hector Perera Thursday, 21 September 2023 12:37 AM

මේ ඩලස් මිනිහා 18 සහ 20 සංශෝධනවලට ඡන්දය දීලා දැන් ක්‍රමය වෙනස් කරන්න ඕනලු . මොන විහිළුවක්ද!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16955 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site