(අංජුල මහික වීරරත්න)

මන්නාරම ග්‍රීඩ් උපපොළේ සිට මුල්ලිකුලම් රැස් කිරීමේ ග්‍රිඩ් උපපොළ දක්වා ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මුල්ලිකුලම සුළං විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ලොට් B යටතේ මන්නාරම ග්‍රිඩ් උපපොළේ සිට මුල්ලිකුලම් රැස් කිරීමේ ග්‍රිඩ් උපපොළ දක්වා කිලෝමීටර 28 ක් දිගින් යුත් කිලෝවෝල්ට් 220ක ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-02-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුව ලංසු කැඳවා ඇති අතර, ලංසු 05ක් ඉදිරිපත් වී තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන JSL & Fentons Joint Venture Intend (Jyoti Structure Limited, India and Hayleys Fentons Limited, Sri Lanka) වෙත ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,269.18 කට සමාන මුදලකට (බදු රහිත ) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.